කොරෝනා එන්නත සහ එහි වැදගත්කම ගැන දැනගනිමු.

?????? ????? ??? ???? ???? ??? ?????? ?????? ????? ????? ???? ?????? ???? ???? ????????? ??????? (Critical tool) ??? ????????? ???. ????????, ???? ?????? ??? ?????? ??? ??????? ????????? (Effective testing) ?? ?????????? ??????????? (Prevention measures) ??? ???? ?????? ????? ?????, ?????? ?????? ????? ????? ???? ?????? ????? ????? ?????????? ??????? ??. ?????, ????? ??? ?????, ???? ?????? ??? ??? ? ?????? ?????? ??????? ??????? ?????? ????? ????? ??????? ???????? ??????? ??? ????? ??????? ??? ???? ?????? ??????? ????. ?????? ?????? ??????? ?? ????????????? ??????? ?????? ????? ???????? ????? ???????? ??? ??? ???? ????? ????? ??????? ????? ??????? ??????? ??????….

තව කියවන්න >>

දිනකට විනාඩි 20 ක් බැගින් වැයකර බර අඩුකර ගනිමු.

සැබැවින්ම, ඔබට සිරුරේ බර අඩුකර ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යොදාගත හැකි ඉතාමත් ඵලදායී ශාරීරික ක්‍රියාකාරකමක් ලෙස සෙමෙන් දිවීම (Jogging) දැක්විය හැක. සෙමෙන් දිවීම මගින් අනෙක් බොහොමයක් හෘත්වාහිනික ව්‍යායාම (Cardiovascular exercises) වලට වඩා අමතර කැලරි ප්‍රමාණයක් දහනය වීම එයට හේතුවයි. කෙසේ වුවත්, බර අඩුකර ගැනීම සඳහා යොදාගත හැකි එකම සිද්ධාන්තය, ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීම බව අමතක නොකළ යුතුය. එමනිසා, සෙමෙන් දිවීම බර අඩුකර ගැනීමට යොදාගත හැකි ඵලදායී ක්‍රමවේදයන්ගෙන් එකක් බව කිව හැක. එසේ නම්, දිනකට විනාඩි 20 ක් බැගින් වැයකර බර අඩුකර ගන්නේ කෙසේදැයි මදක් විමසා බලමු. පළමු පියවර මුලින්ම, බර අඩුකර ගැනීම සඳහා…


මනා ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගැනීමට ක්‍රම 5 ක්

නිතිපතා ව්‍යායාම කිරීමට යොමුවීම, ඔබේ යහපත් සෞඛ්‍යය උදෙසා කළ හැකි වැදගත්ම කාර්යයකි. දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් බැගින් සතියකට අවම වශයෙන් දින 5 ක් වත් ව්‍යායාම කිරීම මගින් හෘදයාබාධය වැළඳීමට පවතින අවදානම අඩුවන අතර, අස්ථි හා මාංශ පේශි වල ශක්තිමත්භාවය වැඩිවීම සහ සිරුරේ බර පාලනය වීම ද සිදුවේ. එමනිසා, ඔබගේ ව්‍යායාම වැඩසටහනට විවිධ ශාරීරික ක්‍රියාකාරකම් එකතුකර ගැනීමෙන් මනා ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගැනීමට හැකිවේ. ස්වායු ව්‍යායාම (Aerobic exercises) හැල්මේ ඇවිදීම, සෙමෙන් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ස්වායු ව්‍යායාම හෙවත් හෘත්වාහිනික ව්‍යායාම (Cardiovascular exercises), ඔබේ හෘදය වස්තුව ක්‍රමයෙන් ශක්තිමත් කරයි. එමනිසා, වැඩි හෘද ස්පන්දන වේගයකින්, දිගු වේලාවක් ක්‍රමවත්ව රුධිරය පොම්ප කිරීමට…


දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

අස්ථි බිඳීම් (Fractures) යනු දරුවන් අතර බහුලව දක්නට ලැබෙන අනතුරු විශේෂයක් යැයි කිවහොත් එය නිවැරදිය. විශේෂයෙන්ම, වැටීමකින් අනතුරුව එසේ වීමට හැකියාව පවතී. සිරුරේ කුමන කොටසක අස්ථි බිඳීමක් වුවද, අස්ථි බිඳීම කෙතරම් කුඩා හෝ විශාල වුවද, සියළු අස්ථි බිඳීම් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුමය. සැබැවින්ම, ඔබේ දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද? දරුවාගේ අස්ථියක් බිඳී ඇති බවට සැකකළ හැකි අවස්ථා මොනවාද? දරුවාට අනතුරක් සිදුවන අවස්ථාවකදී, කැඩෙන, බිඳෙන, හෝ ඇඹරෙන ශබ්දයක් ඇසීම. ඉදිමීමක්, රතුවීමක්, හෝ ස්පර්ශ කරන විට වේදනාවක් ඇතිවීම. සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කිරීමට අපහසු වීම. සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කරන විට, ස්පර්ශ කරන විට, හෝ සිරුරේ බර දරන…


ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නැතිකර ගන්නේ කෙසේද?

ඇතැම් ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නිතැතින්ම සිදුවන්නකි. නමුත්, මෙසේ දැඩි කැමැත්තක් පවතින ආහාර නිතර ගැනීමට පෙළඹීම ඔබේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. මක්නිසාද, සාමාන්‍යයෙන් අපට දැඩි ආශාවක් ඇතිවන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර කෙරෙහිය. කෙසේ වුවත්, ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම වළක්වා ගැනීමට නම්, ඔබ දැඩි ආශාවක් දක්වන ආහාර සහ එම ආහාර කෙරෙහි ඔබ දක්වන කැමැත්ත නිසි පරිදි හඳුනා ගැනීමට අවශ්‍ය වේ. එමනිසා, ඔබේ ආහාර රටාව වෙනස් කිරීම සඳහා උත්සාහ කිරීමට පෙර, ඔබ වැඩියෙන්ම ආහාරයට ගැනීමට කැමති ආහාර සහ එම ආහාර ගැනීමට පෙළඹෙන වේලාවන් හඳුනාගත යුතුය. ඇතැම් අය පැණිරස ආහාර වලට වැඩි කැමැත්තක් දක්වන අතර, සමහරෙක් ලුණු හෝ තෙල් අධික ආහාර…