සාමාන්‍ය සෞඛ්‍යය

ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?

දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක, දියවැඩියාව රෝගයේ වර්ග අනුව වෙනස්වන දෙයකි. ඇතැම් අවදානම් සාධක ඉවත්කර ගැනීමට හැකියාව ඇති මුත්, සමහර අවදානම් සාධක වෙනස් කිරීමට නොහැක. කෙසේ වුවත්, යමෙක් දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක ගණන අඩුකරගතහොත්, ඔහුට හෝ ඇයට දියවැඩියාවෙන් මිදී ජීවත්වීමට ඇති හැකියාව වැඩිකරගත හැක. එමනිසා, එවැනි අවදානම් සාධක පිළිබඳව දැනුවත්වීම, කාලෝචිත දෙයක් ලෙස හැඟේ. එසේ නම්, ඔබටත් දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබෙනවාදැයි මදක් සොයා බලමු. පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus) වැළඳීමට හේතුවිය හැකි අවදානම් සාධක පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි තවමත් නිසි අයුරින් වටහාගෙන නැති මුත්, ඇතැම් සාධක පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව පෙනේ….


දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි විමසා බැලීමට පෙර, අපගේ ශරීරය ග්ලූකෝස් නැමැති සීනි වර්ගය හසුරුවන යාන්ත්‍රණය සරළව වටහාගැනීම වැදගත් වේ. එහිදී, මිනිස් සිරුර තුළ ග්ලූකෝස් වල කාර්යභාරය සහ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත යුතුය. එවිට, දියවැඩියාව වැළඳීමට හේතු හඳුනාගැනීම පහසු වේ. ඉන්සියුලින් හෝමෝනය ක්‍රියාකරන්නේ කොහොමද? ඔබේ ආමාශයට පිටුපසින්, එයට මදක් පහලට වන්නට අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) ලෙසින් හඳුන්වන ග්‍රන්ථියක් ඇත. ඉන්සියුලින් නිෂ්පාදනය කර රුධිරයට නිදහස් කරන්නේ මෙම අග්න්‍යාශය මගිනි. එසේ ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ ඇති ග්ලූකෝස්, ශරීරයේ ඇති සෛල වලට ඇතුළු කරවනු ලැබේ. එමනිසා, ඉන්සියුලින් වලට රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩුකිරීමට හැකියාව ඇත. රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම…


දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?

වසර 2015 වනවිට ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් මිලියන 1.16 ක් දියවැඩියා රෝගීන් ලෙස හඳුනාගෙන තිබිණි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කල අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් 8.5% ක් විය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 1.6% ක් සිදුවන්නේ දියවැඩියාව නිසා වීම, දියවැඩියා රෝගයේ ඇති බරපතලකම මොනවට විදහා දක්වයි. දියවැඩියා රෝගය නිසා ඇතිවන ඇතැම් රෝග ලක්ෂණ සහ පරීක්ෂණ මගින්, වෛද්‍ය වෘත්තිකයෙකුට දියවැඩියාව රෝග විනිශ්චය සිදුකල හැක.   දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ අනුව රෝගීන් කාණ්ඩ 3 කට වර්ගීකරණය කරනු ලබයි. රෝග ලක්ෂණ රහිත (Asymptomatic) ආකාරය තීව්‍ර (Acute) ආකාරය උපතීව්‍ර (Sub-acute) ආකාරය…


පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සඳහා හේතුවන රෝග අතරින් පිළිකා රෝගය දෙවන ස්ථානය ගන්නා බව ඔබ දන්නවාද? එනම්, වසරක් තුළදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 11.7% කටම හේතුව පිළිකා රෝගයයි. සැබැවින්ම, එය දෙවැනි වන්නේ හෘද රෝග වලට පමණි. කෙසේ වුවත්, පිළිකා වලින් 1/3 ක් වැළඳීම වළක්වාගත හැකිය. ඒ සඳහා ඔබ කලයුත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම සහ ඔබේ සෞඛ්‍යයට හිතකර පරිසරයක් පවත්වා ගැනීම පමණි.   දුම්පානයෙන් වැළකීම මෙහිදී සක්‍රීය දුම්පානයෙන් මෙන්ම අක්‍රීය දුම්පානයට ගොදුරුවීමෙන්ද වැළකීම වැදගත් වේ. දුම්පානය නිසා පෙනහළු පිළිකා මෙන්ම, මුත්‍රාශයේ, ගැබ්ගෙලෙහි, මහා බඩවැලෙහි, ගුද මාර්ගයේ, ගලනාලයේ, වකුගඩු වල, ස්වරාලයේ, අක්මාවේ, මුඛයේ, උගුරේ, අග්න්‍යාශයේ,…


රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.

අධික රුධිර පීඩනය පාලනය කරගැනීමට මෙන්ම, එය වැළඳීම වළක්වා ගැනීම සඳහා ඔබේ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම වැදගත් වේ. ඔබ, අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර ගන්නා අයෙකු වුවද ඔබේ ජීවන රටාවේ මෙම වෙනස්කම් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය බව අමතක නොකල යුතුය. ඒ සඳහා ඔබට කලහැකි දේවල් නම්:   සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම. ඔබේ ආහාරයේ වැඩිපුර එළවළු, පළතුරු, මාළු, මේදය අඩු මස්, කුරුට්ට සහිත සහල් හා ධාන්‍ය, සහ මේදය අඩු කිරි ආහාර අඩංගු කරගැනීම රුධිර පීඩනය පාලනය කරගැනීමට සහ අධික රුධිර පීඩනය වැළඳීම වළක්වා ගැනීමට එකලෙස වැදගත් වේ. එළවළු සහ පළතුරු වලින් බහුලව ලැබෙන පොටෑසියම් ද මේ සඳහා ඉවහල්…


අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කිරීමේදී සෑම රෝගියෙකුටම දිනචර්යාවේ වෙනස්කම් සිදුකිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරයි. කෙසේ වුවත්, බොහොමයක් රෝගීන් සිදුකරන වැරැද්දක් වන්නේ, ඖෂධ මත පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමයි. අධික රුධිර පීඩනයට පමණක් නොව වෙනත් රෝග සඳහාද එම වැරැද්ද සිදුකරනු නිතර දැකිය හැකි දෙයකි. ඖෂධ යනු සමස්ථ ප්‍රතිකාරයේ එක් කොටසක් පමණක් බව අමතක නොකල යුතුය. අධික රුධිර පීඩනය සඳහා සිදුකරන ප්‍රතිකාර වල අනෙක් වැදගත්ම අංගය වන්නේ ජීවන රටාව වෙනස් කරගැනීමයි. අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර, ඔබේ වෛද්‍යවරයා ඉදිරි වසර 10 ක කාලය තුළ ඔබට හෘදයාබාධය වැනි හෘත්වාහිනික රෝග (Cardiovascular diseases) වැළඳීමට ඇති අවදානම ගණනය කරනු ඇත. එමෙන්ම, ඔහු…


ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

ඔබගේ රුධිර පීඩනය මැනීම සඳහා වෛද්‍යවරයා සුළං පිරවිය හැකි පටියක් ඔබේ බාහුවේ ඔතා, එයට ක්‍රමයෙන් සුළං පුරවමින් සහ සුළං ඉවත් කරමින් පරීක්ෂා කරනු ඇත. ඒ සඳහා ඔහු හෝ ඇය රුධිර පීඩනමානය (Sphygmomanometer) නම් වූ උපකරණයක් භාවිතා කරයි. රුධිර පීඩනයෙහි අගය දක්වන්නේ රසදිය මිලිමීටර් (millimeters of mercury or mmHg) වලින් වන අතර එයට සංඛ්‍යා දෙකක් ඇතුලත් වේ. මුල් සංඛ්‍යාව මගින් ඔබේ හෘදය රුධිරය පොම්ප කරන විට ධමනි තුළ ඇති පීඩනය දැක්වෙන අතර, එය සංන්‍යස්ත පීඩනය (Systolic pressure) නම් වේ. දෙවන සංඛ්‍යාව මගින් ඔබේ හෘදය රුධිරය පොම්ප නොකරන අවස්ථාවේදී ධමනි තුළ ඇති පීඩනය දැක්වෙන අතර, එය වින්‍යස්ත පීඩනය (Diastolic pressure) නම් වේ….


ඉන්ෆ්ලුවෙන්සා (Influenza) ආසාදනය ගැන මදක් දැනගනිමු.

ශ්‍රී ලංකාව තුළ දැනට පැතිර යමින් පවතින සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය ප්‍රධාන වශයෙන් ඇතිකරන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලි තුනකින් බව දැනට හඳුනාගෙන ඇත. ඒවා නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A මාදිලි දෙකක් වන H1N1 හා H3N2, සහ ඉන්ෆ්ලුවෙන්සා B ය. මෙම වෛරස් ආසාදනය මගින් ඇතිකරන රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සහ සෙම්ප්‍රතිශ්‍යාව හැඳින්විය හැකි අතර, බොහෝවිට කිසිඳු ප්‍රතිකාරයකින් තොරවම සුව වේ. නමුත්, ඇතැම් පුද්ගල කාණ්ඩ වලට මෙම වෛරස් ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත.   ඉන්ෆ්ලුවෙන්සා රෝගය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද? වයස අවුරුදු 2 ට අඩු දරුවන් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් ගර්භණී මාතාවන් ප්‍රතිශක්තිය…


අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.

අධික රුධිර පීඩනය (Hypertension) නිසා ඔබේ ධමනි නැමැති රුධිර වාහිනී වල බිත්ති මත වැඩි පීඩනයක් ඇතිවීමෙන්, ඒවාට සහ ඔබේ ශරීරයේ අවයව වලට හානි සිදුවිය හැක. රුධිර පීඩනය වැඩිවන තරමට සහ රුධිර පීඩනය පාලනය නොවී පවතින කාලය වැඩිවන තරමට, ඔබේ ශරීරයට සිදුවන හානිය වැඩිවේ. එමනිසා, අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා පිළිබඳ පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. පාලනය නොකරන අධික රුධිර පීඩනය නිසා පහත සඳහන් සංකූලතා ඇතිවිය හැක.   හෘදයාබාධය සහ අංශභාගය අධික රුධිර පීඩනය මගින් ධමනි බිත්ති වල ආස්තරය (Lining) ට හානි වීමෙන්, කොලෙස්ටරෝල් තැන්පත්වීම ඇරඹේ. එමගින්, ධමනි බිත්ති ඝනකම්වීම සහ නම්‍යශීලීභාවය නැතිවීම සිදුවේ. මෙම ක්‍රියාවලිය Atherosclerosis ලෙස හැඳින්වෙන…


අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?

අධික රුධිර පීඩනය (Hypertension) යනු බෝනොවන රෝග කාණ්ඩයට අයත් රෝග වලින් එකකි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 1.5% කට හේතුවන්නේ අධික රුධිර පීඩනයයි. විශේෂත්වය වන්නේ, මෙම රෝගය වැළඳුනු බොහොමයක් රෝගීන්ට, එනම් අධික රුධිර පීඩනය ඇති 80-90% කට පමණ කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවීමයි. එවැනි රෝගීන්ට, ජීවිතයට අනතුරක් වියහැකි මට්ටමකට රුධිර පීඩනය වැඩිවූ විට පවා කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවේ. අධික රුධිර පීඩනය වැළඳීම සඳහා හේතුවිය හැකි අවදානම් සාධක ගණනාවක් පවතී. මෙම රෝගය වැළඳීමට ඔබටත් අවදානමක් ඇතිදැයි මදක් විමසා බැලීම වැදගත් විය හැක.   වයස අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම, වයස වැඩිවීමත් සමගම ක්‍රමයෙන් ඉහළ යයි. පිරිමි…


අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු.

අධික රුධිර පීඩනය (Hypertension) යනු බහුලව දක්නට ලැබෙන බෝනොවන රෝග තත්ත්වයකි. මෙම රෝගය නිසා ඔබේ ශරීරයේ ඇති ධමනි (Arteries) ලෙස හැඳින්වෙන රුධිර නාල වල බිත්ති මත දිගුකාලීනව දැඩි පීඩනයක් ඇතිවන අතර, එමගින් විවිධ සංකූලතා ඇතිවිය හැක. එමනිසා, අධික රුධිර පීඩනය ගැන දැනගැනීම වැදගත් වේ. ඔබේ හෘදය මගින් රුධිරය පොම්ප කරන පරිමාව සහ රුධිරය ගලායාමට එරෙහිව රුධිර වාහිනී තුළ ඇතිවන ප්‍රතිරෝධය යන සාධක මත රුධිර පීඩනය රඳා පවතී. එනම්, ඔබේ හෘදය වැඩි රුධිර පරිමාවක් පොම්ප කරන්නේ නම් හෝ ධමනි වල කුහරය පටු නම්, ඔබේ රුධිර පීඩනය වැඩිවේ. සාමාන්‍යයෙන්, රුධිර පීඩනය අගයයන් දෙකකින් නිරූපනය කරන අතර, රුධිර පීඩනය රසදිය මිලිමීටර් (mmHg) වලින්…


කිරීටක ධමනි රෝගය ගැන දැනුවත් වෙමු.

හෘදයේ සිට ශරීරයේ පටක වෙත රුධිරය ගලායන්නේ ධමනි (Arteries) නම්වූ රුධිර වාහිනී වර්ගයකිනි. සාමාන්‍යයෙන්, මෙම ධමනි වල බිත්ති මෘදු සහ ඇදෙන සුළු ස්වභාවයකින් යුක්තය. නමුත්, ධමනි වල බිත්තියේ ඇතුළු පැත්තේ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ඒවායේ මෘදුබව අඩුවී තද ස්වභාවයකට පත්වන අතර, ක්‍රමයෙන් ධමනි වල කුහරය සිහින් වී රුධිර සංසරණය අඩුවීම සිදුවේ. මෙම ක්‍රියාවලිය, හෘදයේ මාංශ පේශි වලට රුධිරය සපයන කිරීටක ධමනි (Coronary arteries) වල සිදුවීම මගින්, කිරීටක ධමනි රෝගය (Coronary artery disease or CAD) හටගනී. එමනිසා, කිරීටක ධමනි රෝගයට නතුවූ හෘදයේ මාංශ පේශි වලට රුධිරය ඔස්සේ ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ලැබීම අඩුවේ. කාලය ගතවත්ම, කිරීටක ධමනියක බිත්තියෙහි කොලෙස්ටරෝල් තැන්පත් වූ…


බෝනොවන රෝග පිළිබඳව සමාජයේ පවතින වැරදි මත කිහිපයක්

බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) යනු කෙටිකාලීන ආසාදනයක් නිසා ඇති නොවන, දිගුකාලීනව ප්‍රතිකාර ගතයුතු හා සංකූලතා ඇතිකරන රෝග සමූහයකි. මෙවැනි රෝග, එක් පුද්ගලයෙකුගේ සිට තවත් අයෙකුට බෝවීම හෙවත් පැතිරීම සිදුනොවේ. බෝනොවන රෝග සඳහා උදාහරණ ලෙස හෘදයාබාධය, පිළිකා, අංශභාගය හෙවත් ආඝාතය, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, සහ දියවැඩියාව දැක්විය හැක. බෝනොවන රෝග පිළිබඳව සමාජයේ වැරදි මත ගණනාවක් පවතින අතර, එයින් කිහිපයක් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදුකිරීම මෙම ලිපියෙහි අරමුණයි.   අධික රුධිර පීඩනය සහ දියවැඩියාව කාලයක් ප්‍රතිකාර ගන්නා විට සුවවේ. යම් පුද්ගලයෙකුට දියවැඩියාව වැළඳුනු පසුව, එය සම්පූර්ණයෙන්ම සුවකිරීම කල නොහැකි දෙයකි. රෝගය වැළඳීමෙන් පසුව කලහැක්කේ, දියවැඩියාව පාලනය…