ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුයිද?
සෑම ගර්භණී මවකගේම අපේක්ෂාව වන්නේ තම කුස තුළ සිටින සිඟිත්තාගේ සෞඛ්‍ය සම්පන්න වැඩීමයි. නමුත්, ඇතැම් විට කුස තුළ වැඩෙන දරුවා නිසි පරිදි නොවැඩෙන්න පුලුවන්. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීම (Intrauterine growth restriction or IUGR) යනු නූපන් බිළිඳාගේ වර්ධනය වන වේගය අඩුවීම නිසා ඔහු හෝ ඇය ප්‍රමාණවත් පරිදි නොවැඩී තිබීමයි. මෙසේ සිදුවීම නිසා සිඟිති දරුවාට ගර්භණී අවධිය තුළ, දරු උපතේදී මෙන්ම, ඉපදුනු පසුවත් යම් සෞඛ්‍ය ගැටළු ඇතිවීමට ඉඩ තිබේ. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමේදී ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු මොනවාද? අඩු උපත් බර සාමාන්‍ය දරු ප්‍රසූතියේදී ඇතිවන ආතතීන් දරාගත නොහැකිවීම දරුවාගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම (Hypoxia) දරුවාගේ ශරීරයේ සීනි…