සාමාන්‍ය සෞඛ්‍යය

කොරෝනා එන්නත් පිළිබඳව අනියත බියක් ඇතිකරගත යුතු නැහැ

මේ වනවිට SARS-CoV-2 නැමැති වෛරසය මගින් ඇතිකරන Covid-19 නම් වූ කොරෝනා වසංගතය (Coronavirus Pandemic) ලොවම වෙලාගෙන අවසන් ය. දැන් ලෝකයේ සෑම රටකම පොදු සතුරා බවට පත්ව ඇත්තේ කොරෝනා වසංගතයයි. සෞඛ්‍ය සේවා හා සබැඳි සියළු දෙනා මහජනතාව කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම හා අවම කිරීම සඳහා සටන් වදිමින් සිටින අතරතුර, ලොව පුරා සිටින විද්‍යාඥයන් කොරෝනා වෛරසයට එරෙහිව භාවිතා කළ හැකි එන්නත් සහ ඖෂධ නිපදවීම සඳහා පර්යේෂණ සිදුකරමින් සිටියි. දැනටමත් රටවල් කිහිපයක පර්යේෂකයන් සාර්ථක ලෙස එන්නත් නිපදවා මහජනතාව තුළ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය (Immunity) ගොඩනැංවීම සඳහා එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇත. තවත් රටවල් කිහිපයක්ම කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිපදවීමේ පර්යේෂණ…

තව කියවන්න >>

දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

දියවැඩියාව යනු නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් බැවින්, කල හැක්කේ රෝගය පාලනය කිරීම පමණි. එමෙන්ම, දියවැඩියාව යනු රෝගියාට තනිවම ප්‍රතිකාර කරගැනීමට නොහැකි සංකීර්ණ රෝගයකි. එමනිසා, ඔබේ වෛද්‍යවරයා දියවැඩියාව පාලනය කරගැනීම සඳහා ප්‍රතිකාර සැලසුමක් ලබාදෙනු ඇත. එය නිසි ලෙස අනුගමනය කිරීමෙන්, දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. සැබැවින්ම, දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීම තනි වෛද්‍යවරයෙකුගේ කාර්යයක් නොවේ. දියවැඩියා ප්‍රතිකාර සැලසුමකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක්, සහ අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළත් විය හැක. දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමේදී ඔබේ රුධිරගත සීනි මට්ටම පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන අතර, එය නිර්දේශිත ඉලක්කයට අනුකූල දැයි මාසිකව…


දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු.

දියවැඩියාව නිසා සංකූලතා ඇතිවීමට දිගුකාලයක් ගතවන අතර, ඒවා වර්ධනය වන්නේ සෙමින් ය. දියවැඩියාව වැළඳී පැවතුන කාලය වැඩිවන විට සහ දියවැඩියාව නිසි ලෙස පාලනය නොවන විට සංකූලතා හටගැනීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවේ. අවසානයේදී, දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ක්‍රමයෙන් රෝගියා අබල දුබල කිරීම හෝ ජීවිතයට හානියක් වන අයුරින් වර්ධනය වීම සිදුවේ. හෘත්වාහිනික රෝගය (Cardiovascular disease) දියවැඩියාව ක්‍රමයෙන් හෘත්වාහිනික රෝග වැළඳීමට ඇති අවදානම ඉහළ දමයි. ඒවා අතර, පපුවේ වේදනාවත් (ඇන්ජයිනා) සමග එන කිරීටක ධමනි රෝගය (Coronary artery disease) හෙවත් හෘදයේ ඇති කිරීටක ධමනි කොලෙස්ටරෝල් තැන්පත් වී සිහින්වීම හෝ අවහිර වීම, හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, සහ කොලෙස්ටරෝල් තැන්පත් වී ධමනි සිහින් වීම (Atherosclerosis) ප්‍රමුඛතාවයක්…


තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?

මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකම ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ. දිවයිනේ රෝහල් ගණනාවක්ම ඩෙංගු ඇතුළු උණ රෝගීන්ගෙන් සංතෘප්තව පවතින බව වාර්තා වේ. ඇතැම් රෝහල් වල එක ඇඳකට රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් සිටින බව දැකිය හැක. ඇතැම් රෝගීන් රෝහල් වල ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති බැවින්, බිම සිටින බවටද වාර්තා වේ. එමනිසා, ඩෙංගු රෝගය වැළඳුනු සෑම රෝගියෙකුටම රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම අපහසු කාරණයකි. සංකූලතා නොමැති, ඩෙංගු රෝගයේ මුල් අවධි වල සිටින ඇතැම් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇත. ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් (Dengue NS1 antigen test) ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වූ පමණින්,…


මී උණ රෝගය (Leptospirosis) ගැන දැනගනිමු.

මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද හඳුන්වනු ලැබේ. Leptospira interrogans නැමැති බැක්ටීරියාව නිසා මී උණ රෝගය වැළඳෙන අතර රෝගය වැළඳුණු මීයන් වැනි සතුන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව පරිසරයට එක්වේ. එමනිසා, කුඹුරු වල, වගාබිම් වල, සහ ජලය රැඳුණු ස්ථාන වල මෙම බැක්ටීරියාව රැඳී තිබිය හැක. එම බැක්ටීරියාව ශරීරයට ඇතුළුවන්නේ කෙසේද? කුඹුරු වල, ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට අපේ ශරීරයේ කැපුම්,…