ඔබගේ වයස සඳහා වන උපරිම හා ඉලක්කගත හෘද ස්පන්දන වේගය කුමක්ද?

හෘද ස්පන්දන වේගය (Heart rate/HR) යනු විනාඩියක් තුළදී හදවත ගැහෙන වාර ගණනයි. එය කායික වෙහෙස හා මානසික තත්ත්වය මත වෙනස්විය හැකිය. විවේකයෙන් සිටින විට පවතින හෘද ස්පන්දන වේගය (Resting heart rate/HR rest) මැනීමට නම් අදාළ පුද්ගලයා අවදියෙන් සහ විවේකයෙන් සිටිය යුතු අතර, ආසන්න කාලය තුළ කායිකව වෙහෙස නොවී සිටිය යුතුය. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියෙකු විවේකයෙන් සිටින විට හෘද ස්පන්දන වේගය විනාඩියකට 60-80 ත් අතර අගයක් ගනී. විවේකයෙන් සිටින විට ඔබගේ හෘද ස්පන්දන වේගය විනාඩියකට වාර 60 කට වඩා අඩුනම්, එය හදලැසිය හෝ ලැසිකන්තුව (Bradycardia) ලෙස හැඳින්වේ. විවේකයෙන් සිටින විට ඔබගේ හෘද ස්පන්දන වේගය විනාඩියකට වාර 100 කට වඩා වැඩිනම්, එය…


සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම කරන්නේ කොහොමද?

ව්‍යායාම කිරීම ඔබව සෞඛ්‍ය සම්පන්න කරනවා සේම, වැරදි ආකාරයට හෝ සැලසුමක් නැතිව ව්‍යායාම කිරීම මගින් ඔබගේ සෞඛ්‍යයට හානියක් වෙන්නත් පුලුවනි. එමනිසා, මෙහි සඳහන් කරුණු ඔබට හොඳ, සෞඛ්‍ය සම්පන්න ව්‍යායාම වැඩසටහනක් සකසා ගැනීමට ඉවහල් වේවි. ව්‍යායාම වැඩසටහනකට සහභාගි වීමට පෙර, ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවකුගේ (Fitness trainer) උපදෙස් ලබාගැනීම උචිත වේ. එසේම ඔබට දිගුකාලීනව පවතින අසනීප තත්ත්වයක් පවතීනම්, එවැනි වැඩසටහනකට පෙර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ද ලබාගැනීම වැදගත් ය. එවැනි අවස්ථාවකදී හැකි සෑමවිටකම වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව හෝ අධීක්ෂණය යටතේ ව්‍යායාම වැඩසටහනට සහභාගී වෙන්න. ඔබගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් සහ උපදේශකයන්, ශාරීරික යෝග්‍යතා පුහුණුව, ප්‍රථමාධාර, සහ කෘතිම ශ්වසනය ලබාදීම වැනි ජීවිතාරක්ෂක පුහුණු ක්‍රම සඳහා සහතික ලත් අයවීම…


සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

අප බොහොමයකගේ ජීවිත සංකීර්ණ වෙලා. එයට හේතුව අප සැමවිටම සරල බවින් ඈත්වීමට නැඹුරුතාවයක් දැක්වීමයි. කෙසේ වෙතත්, සංකීර්ණ ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ නැහැ. අපගේ ජීවිත සරල කරගන්නේ කොහොමද? සරල ලෙස ජීවත්වන්නේ කෙසේද? මෙම ලිපියෙන් සරල ජීවිතයකට අත්වැලක් වෙන්නයි අපි සූදානම් වෙන්නේ. ඔබේ හැකියාවන් අඳුරගන්න. ඔබට සාර්ථක කරගැනීමට හැකි තාත්වික ඉලක්ක පමණක් ඇතිකරගන්න. ඔබගේ ඊලඟ දිනය සඳහා නිසි සැලසුමක් සාදාගන්න. එහි ඔබ විසින් කලයුතු කාර්යයන් ලැයිස්තුවක් සාදාගන්න. නමුත්, ඔබගේ සම්පූර්ණ දවසම කාර්යයන් වලින් පුරවාගන්න එපා. අදාළ දිනය තුල කිරීමට හැකි අයුරින් කලයුතු කාර්යයන් සැලසුම් කරගන්න. ඔබගේ කාර්යයන් කිරීමට පෙර, ඒවා අධ්‍යයනය කිරීම වැදගත් වේ. සැමවිටම අදාළ කාර්යය කිරීමට හැකි සරල ක්‍රම ගැන…


සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්

සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් සුවැති දිවියකට මග පෙන්වනවා. ඒ වගේම ඇතැම් හොඳ ආහාර පුරුදු ඇතිකර ගැනීම ඔබව සෞඛ්‍ය සම්පන්න කිරීමට සමත් වෙනවා. එමනිසා, පහත සඳහන් කරන ඉඟි හොඳ සමබර ආහාර වේලක් සකසා ගැනීමට ඔබට වැදගත් වේවි. ඔබගේ ආහාරයෙන් දෙකෙන් පංගුවක් එහෙම නැත්නම් භාගයක් එළවලු සහ පළතුරු වලින් සමන්විත විය යුතුයි. මක්නිසාද, එළවලු සහ පළතුරු ඔබට ප්‍රමාණවත් තරම් විටමින්, ඛණිජ ලවණ, ශාඛ ස්ටැනොල් (Plant stanol), ශාඛ ස්ටෙරොල් (Plant sterol), දියවන කෙඳි (Soluble fibre), සහ දිය නොවන කෙඳි (Insoluble fibre) ලබාදීමට සමත් වෙනවා. දියවෙන කෙඳි, ශාඛ ස්ටැනොල් සහ ස්ටෙරොල්, ශරීරයට හානිකර කොලෙස්ටරෝල් වර්ගයක් වන LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය පහත දමනවා. ආහාරයේ පවතින…


කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?

කුඩා දරුවන් ඇතැම් ආසාදන වලට ලක්වීමට නැඹුරුතාවයක් දක්වයි. අනෙක් ළමුන් සමග නිතර ගැවසීම නිසා, පෙර පාසලේදී හෝ පාසලේදී ළමුන් අතර ආසාදන පැතිරී යාමට වැඩි ඉඩක් ලැබේ. නමුත්, සමහර සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ ජීවන රටාවේ ඇතිකරන වෙනස්කම් මගින් ඔබේ දරුවා නිතර ආසාදන වලට ගොදුරු වීම වලක්වා ගැනීමට හැකියාව ඇත. අත් සේදීම අත් සේදීම මගින් ශ්වසන පද්ධතියේ, ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන බොහොමයක් ආසාදන සහ වෙනත් ආසාදන වලක්වා ගත හැක. දියර සබන් (Liquid soap) සහ මදක් උණුසුම් ජලයෙන් අත් සේදීමට දරුවා හුරුකරන්න. මේ සඳහා සබන් කැට සහ ඇල් ජලය යොදාගැනීම වුවද කල හැක. අත් සේදීමෙන් අනතුරුව පිරිසිදු, වියලි තුවායකින් හෝ කඩදාසි තුවා (Paper…


දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?

දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ මන්ද යන්න ඔබ සිතුවාද? දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි? ව්‍යායාම කිරීම සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යාවශ්‍ය සාධකයක් වේ. පහත කරුණු කියවා බලන ඔබට එය වැටහෙන බව නොඅනුමානයි. ඔබගේ ශරීරයේ අමතර මේදය තැන්පත් වීමෙන් බර වැඩිවී ඇත්නම්, දිනපතා ව්‍යායාම කිරීම මගින් අමතර මේදය දහනය වී ඔබේ ශරීරයේ බර පාලනය කරගත හැක. දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයට හානිකර නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවී, ශරීරයට හිතකර HDL නැමැති කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවේ. එමගින් හෘදයාබාධය, අංශභාගය, අධි රුධිර පීඩනය, සහ පර්යන්ත වාහිනික රෝගය (Peripheral Vascular Disease) වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ. (පර්යන්ත වාහිනික රෝගය යනු අත් හෝ පාද වල රුධිර…


හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද?

දිනපතා හොඳ නින්දක් ලබාගැනීමට අප සැවොම කැමතියි. ඒ හොඳ නින්දකට පසුව ප්‍රබෝධමත්ව සහ නැවුම්ව එදිනෙදා කටයුතු කිරීමට හැකිවීම නිසයි. ඒ වගේම, හොඳ නින්දක් සෞඛ්‍ය සම්පන්න දිවියක් ලැබීමටත් හේතුවක් වෙනවා. නමුත්, විවිධ හේතූන් මත ඇතැම් අයට හොඳ නින්දක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මෙම ලිපිය මගින් හොඳ නින්දක් ලබාගැනීම සඳහා ඔබට උදවු කිරීමට බලාපොරොත්තු වෙනවා. නින්ද සඳහා ක්‍රමවත් සැලසුමක් පවත්වාගත යුතුයි. අපගේ ශරීරයට නින්ද හා අවදිවීම සඳහා චක්‍රයක් (Sleep-wake cycle) පවතිනවා. එයට බාධා නොවන අයුරින් අපගේ නින්ද සැලසුම්කල යුතුයි. දිනපතා නිශ්චිත වේලාවක් නිදාගැනීමට සහ අවදිවීමට යොදාගත යුතුයි. මෙය සති අන්ත වලදීත් නොවෙනස්ව පැවතීම වැදගත් වෙනවා. මෙසේ නින්ද සඳහා ක්‍රමවත් සැලසුමක් පවත්වා ගැනීම…


සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවිය හැකි සංකූලතා

මිනිසාට වැළඳෙන රෝග අතරින් බහුලවම පවතින රෝගය සෙම්ප්‍රතිශ්‍යාව වේ. සාමාන්‍යයෙන් එය සතියක් හෝ දෙකක් තුළ කිසිඳු සංකූලතාවයකින් තොරව සුව වේ. නමුත්, ඇතැම්විට සමහර සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට බරපතළ සහ දිගුකල් පවත්නා සංකූලතාවයන් ඇතිවීම සිදුවේ. එමනිසා එම සංකූලතාවයන්ගේ ලක්ෂණ දැනගැනීම වැදගත් වියහැක. එවැනි රෝගීන්ට වැඩිදුර ප්‍රතිකාර මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ද අවශ්‍ය විය හැක. කෝටර දාහය (sinusitis) කෝටර යනු මුහුණේ අස්ථි තුළ පවත්නා වාතය පිරි කුහර විශේෂයකි. ඒවා නාස් කුහරය වටා පිහිටා ඇත. මෙම කුහර ශ්ලේෂ්මල පටලයකින් හෙවත් තුනී සෛල ස්ථරයකින් ආස්තරය වී ඇති අතර කුඩා සිදුරු මගින් නාස් කුහරය හා සම්බන්ධ වේ. කෝටර තුළ ඇතිවන ප්‍රදාහය කෝටර දාහය ලෙස හැඳින්වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු වැඩිහිටියන්…


සැවොම දන්නා සෙම්ප්‍රතිශ්‍යාව

සෙම්ප්‍රතිශ්‍යාව මිනිස් සමාජය තුළ බහුලවම පැතිරුණු රෝගය වේ. එයට හේතුව එහි ආසාදනය වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පැවතීම වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන් ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ (විශේෂයෙන් නාස් කුහර තුළ) සහ මද වශයෙන් ශරීරයේ සෙසු කොටස්වල රෝග ලක්ෂණ ඇති කරයි. මෙම රෝගය ඇතිවීමට වෛරස රාශියක් හේතුවන අතර රයිනෝ වෛරසය (Rhinovirus) ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. කොරෝනා වෛරසය (Coronavirus) සහ ඇඩිනෝ වෛරසයද (Adenovirus) එයට අයත් වේ. සෙම්ප්‍රතිශ්‍යා රෝගය ඇතිකරන රයිනෝ වෛරස වර්ග 100 කට අධික ප්‍රමාණයක් පවතී. එමනිසා, මෙම රෝගයෙන් ඔබව ආරක්ෂා කිරීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාමත් අපහසු වේ. බොහෝවිට එක් පුද්ගලයෙකුට වසරක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව දෙවරක් හෝ තෙවරක් වැළඳිය හැක. එසේ…


වැඩිපුර ලුණු භාවිතය අගුණ ඇයි?

අපගේ බොහොමයක් ආහාර වල ලුණු අඩංගු වේ. සාමාන්‍යයෙන් ආහාර පිසීමේදී ලුණු එකතු කිරීම සිදුවේ. එමනිසා සැලකිය යුතු ලුණු ප්‍රමාණයක් දිනපතාම අපගේ ශරීරයට එකතු වේ. වැඩිපුර ලුණු ආහාරයට ගැනීම සමහර රෝග හටගැනීමට ඇති අවදානම ඉහළ දමන බව ඔබ දන්නවාද? අධික ලුණු භාවිතය මගින් ඔබගේ ශරීරයේ ඇති දියර ප්‍රමාණය වැඩි කරයි. එමනිසා ලුණු මගින් රුධිරයේ පරිමාව වැඩිවන අතර එමගින් රුධිර පීඩනය ද ඉහළ දමයි. මෙම ක්‍රියාවලිය හෘදයාබාධ සහ අංශභාගය ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හේතුවේ. අඩුවෙන් ලුණු භාවිතා කිරීම රුධිර පීඩනය සුළු වශයෙන් පහත දැමීමට හේතුවන බව ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි. තවද අධික ලුණු භාවිතය හෘදයේ වම් කෝෂිකාවේ (වම්පස පහළ…


හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?

හෘදයාබාධයක් යනු ඔබගේ ජීවිතය අතරමග නතර කිරීමට හෝ ඔබව සදාකාලික රෝගියෙක් බවට පත්කිරීමට සමත් භයානක රෝගී තත්ත්වයකි. එමනිසා හෘදයාබාධයක් ඇතිවීම වලක්වා ගැනීම වැදගත් වේ. ඔබගේ ජීවන රටාව මදක් වෙනස් කිරීමෙන් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩුවන බව ඔබ දන්නවාද? ජීවන රටාවේ වෙනස්කම් මගින් හෘදයාබාධයක් ඇතිවීම සියයට සියයක්ම වලක්වන්නේ නැතිමුත් හෘදයාබාධයක් හටගැනීමේ අවදානම සැලකිය යුතු ලෙස පහත දමයි. දුම්පානය හෘදයාබාධ ඇතිවීම සමග තදින්ම සම්බන්ධ බැවින් දුම්පානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න. අධික ලෙස මත්පැන් පානය කිරීම හෘදයාබාධ හටගැනීමේ අවදානම වැඩි කරයි. එමනිසා ඔබ මත්පැන් පානය කරන්නේ නම් එය අඩුකිරීම හෝ නවතා දැමීම සුදුසුය. දිනකට අවම වශයෙන් විනාඩි 30ක් වත් වේගයෙන් ඇවිදීම, දිවීම,…


ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…

ඔබ සෞඛ්‍ය සම්පන්න ලෙස ශරීරයේ බර අඩු කරගැනීමට අදහස් කරන්නේ නම් මෙම ලිපියෙහි අන්තර්ගත ඉඟි ඒ සඳහා ඔබට උපකාරී වනු ඇත. සාමාන්‍යයෙන් සතියක් තුළදී අඩු කිරීමට නිර්දේශ කරන බර ප්‍රමාණය ග්‍රෑම් 450 සිට ග්‍රෑම් 900 දක්වා වේ. යම් පුද්ගලයෙකු මෙම බර ප්‍රමාණයට වඩා වැඩි සීඝ්‍රතාවයකින් බර අඩු කරගන්නේ නම් ඔහුට හෝ ඇයට එය දිගු කාලීනව පවත්වා ගැනීම අපහසු බව නවීන පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි. ආහාරයේ අඩංගු කැලරි ප්‍රමාණය අතිශයින් සීමා කර ශරීරයේ බර අඩුකර ගැනීමට උත්සාහ ගැනීමද පෝෂණ ඌණතා සහ හාමත වැනි රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වේ. දිනපතා කෙඳි සහිත ආහාර සහ ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට එකතු කරගන්නේ…