සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම කරන්නේ කොහොමද?
ව්‍යායාම කිරීම ඔබව සෞඛ්‍ය සම්පන්න කරනවා සේම, වැරදි ආකාරයට හෝ සැලසුමක් නැතිව ව්‍යායාම කිරීම මගින් ඔබගේ සෞඛ්‍යයට හානියක් වෙන්නත් පුලුවනි. එමනිසා, මෙහි සඳහන් කරුණු ඔබට හොඳ, සෞඛ්‍ය සම්පන්න ව්‍යායාම වැඩසටහනක් සකසා ගැනීමට ඉවහල් වේවි. ව්‍යායාම වැඩසටහනකට සහභාගි වීමට පෙර, ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවකුගේ (Fitness trainer) උපදෙස් ලබාගැනීම උචිත වේ. එසේම ඔබට දිගුකාලීනව පවතින අසනීප තත්ත්වයක් පවතීනම්, එවැනි වැඩසටහනකට පෙර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ද ලබාගැනීම වැදගත් ය. එවැනි අවස්ථාවකදී හැකි සෑමවිටකම වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව හෝ අධීක්ෂණය යටතේ ව්‍යායාම වැඩසටහනට සහභාගී වෙන්න. ඔබගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් සහ උපදේශකයන්, ශාරීරික යෝග්‍යතා පුහුණුව, ප්‍රථමාධාර, සහ කෘතිම ශ්වසනය ලබාදීම වැනි ජීවිතාරක්ෂක පුහුණු ක්‍රම සඳහා සහතික ලත් අයවීම…