කොරෝනා එන්නත් පිළිබඳව අනියත බියක් ඇතිකරගත යුතු නැහැ

මේ වනවිට SARS-CoV-2 නැමැති වෛරසය මගින් ඇතිකරන Covid-19 නම් වූ කොරෝනා වසංගතය (Coronavirus Pandemic) ලොවම වෙලාගෙන අවසන් ය. දැන් ලෝකයේ සෑම රටකම පොදු සතුරා බවට පත්ව ඇත්තේ කොරෝනා වසංගතයයි. සෞඛ්‍ය සේවා හා සබැඳි සියළු දෙනා මහජනතාව කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම හා අවම කිරීම සඳහා සටන් වදිමින් සිටින අතරතුර, ලොව පුරා සිටින විද්‍යාඥයන් කොරෝනා වෛරසයට එරෙහිව භාවිතා කළ හැකි එන්නත් සහ ඖෂධ නිපදවීම සඳහා පර්යේෂණ සිදුකරමින් සිටියි. දැනටමත් රටවල් කිහිපයක පර්යේෂකයන් සාර්ථක ලෙස එන්නත් නිපදවා මහජනතාව තුළ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය (Immunity) ගොඩනැංවීම සඳහා එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇත. තවත් රටවල් කිහිපයක්ම කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිපදවීමේ පර්යේෂණ…

තව කියවන්න >>

දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

අස්ථි බිඳීම් (Fractures) යනු දරුවන් අතර බහුලව දක්නට ලැබෙන අනතුරු විශේෂයක් යැයි කිවහොත් එය නිවැරදිය. විශේෂයෙන්ම, වැටීමකින් අනතුරුව එසේ වීමට හැකියාව පවතී. සිරුරේ කුමන කොටසක අස්ථි බිඳීමක් වුවද, අස්ථි බිඳීම කෙතරම් කුඩා හෝ විශාල වුවද, සියළු අස්ථි බිඳීම් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුමය. සැබැවින්ම, ඔබේ දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද? දරුවාගේ අස්ථියක් බිඳී ඇති බවට සැකකළ හැකි අවස්ථා මොනවාද? දරුවාට අනතුරක් සිදුවන අවස්ථාවකදී, කැඩෙන, බිඳෙන, හෝ ඇඹරෙන ශබ්දයක් ඇසීම. ඉදිමීමක්, රතුවීමක්, හෝ ස්පර්ශ කරන විට වේදනාවක් ඇතිවීම. සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කිරීමට අපහසු වීම. සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කරන විට, ස්පර්ශ කරන විට, හෝ සිරුරේ බර දරන…


ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නැතිකර ගන්නේ කෙසේද?

ඇතැම් ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නිතැතින්ම සිදුවන්නකි. නමුත්, මෙසේ දැඩි කැමැත්තක් පවතින ආහාර නිතර ගැනීමට පෙළඹීම ඔබේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. මක්නිසාද, සාමාන්‍යයෙන් අපට දැඩි ආශාවක් ඇතිවන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර කෙරෙහිය. කෙසේ වුවත්, ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම වළක්වා ගැනීමට නම්, ඔබ දැඩි ආශාවක් දක්වන ආහාර සහ එම ආහාර කෙරෙහි ඔබ දක්වන කැමැත්ත නිසි පරිදි හඳුනා ගැනීමට අවශ්‍ය වේ. එමනිසා, ඔබේ ආහාර රටාව වෙනස් කිරීම සඳහා උත්සාහ කිරීමට පෙර, ඔබ වැඩියෙන්ම ආහාරයට ගැනීමට කැමති ආහාර සහ එම ආහාර ගැනීමට පෙළඹෙන වේලාවන් හඳුනාගත යුතුය. ඇතැම් අය පැණිරස ආහාර වලට වැඩි කැමැත්තක් දක්වන අතර, සමහරෙක් ලුණු හෝ තෙල් අධික ආහාර…


ලිංගික එක්වීම වේදනාකාරී වන්නේ ඇයි?

ලිංගික එක්වීම වේදනාකාරී වීම, වෛද්‍ය විද්‍යාත්මකව Vaginismus ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී සිදුවන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයට යමක් ඇතුළු වන විට, එහි මාංශ පේශි සංකෝචනය වී යෝනි මාර්ගය අවහිර වීමයි. එමනිසා, මෙම තත්ත්වය ඇතිවන විට වේදනාකාරී බවක් හෝ අපහසුතාවයක් ඇතිවීම සිදුවේ. ඒ හේතුවෙන්, Vaginismus තත්ත්වය ඇති බොහෝ කාන්තාවන්ට ලිංගික එක්වීම ප්‍රියජනක වන්නේ නැහැ. කෙසේ වුවත්, Vaginismus තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන් ඒ පිළිබඳව වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කිරීමට ඇති ලජ්ජාව සහ අපහසුතාවය නිසා ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ නැහැ. රෝග ලක්ෂණ ලිංගික එක්වීම වේදනාකාරී වීම යම් කාන්තාවකට Vaginismus තත්ත්වය ඇති බව හඟවන පළමු සලකුණ වේ. මෙම වේදනාව ලිංගික එක්වීම ආරම්භයේදී පමණක් ඇතිවන මද අපහසුතාවයක සිට දැඩි…


ක්ෂය රෝගය දුරුකිරීම සඳහා සැවොම එක්වෙමු.

ක්ෂය රෝගය හෙවත් කාසය (Tuberculosis or TB) මයිකොබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් (Mycobacterium tuberculosis) නැමැති බැක්ටීරියාව නිසා ඇතිවේ. එය වාතය මගින් බෝවන රෝගයක් වන බැවින් පරම්පරාගත රෝගයක් නොවේ. සාමාන්‍යයෙන්, ක්ෂය රෝගය නිසා පෙනහළු වල පටක වලට හානි සිදුවන අතර, සිරුරේ වෙනත් ඕනෑම ස්ථානයකද ක්ෂය රෝගකාරක බැක්ටීරියාව නිසා ආසාදනය වීම සිදුවිය හැක. 2015 වසර වනවිට, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 100,000 කට ක්ෂය රෝගීන් 103 බැගින් හමුවන බව සොයාගෙන ඇත. කෙසේ වුවත්, තවමත් හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4000 ක් පමණ අප අතර සිටින බවට ගණනය කර ඇත. 2014 වසර තුළදී, ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට රෝගීන් 9473 ක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් 7884 ක් හෙවත්…