සකස් කරන ලද ආහාර ගැන ඔබ දැනුවත්ද?
ශ්‍රී ලාංකීය සමාජය තුළ සකස් කරන ලද ආහාර භාවිතයේ විශාල වැඩිවීමක් දක්නට ලැබේ. සකස් කරන ලද ආහාර මිළ අධික වුවත්, සමාජ ආර්ථික පසුබිමේ සීඝ්‍ර වෙනස්වීම, කාන්තා රැකියා නියුක්තිය ඉහළ යාම, සහ ආදායම ඉහළ යාම වැනි සාධක හේතුවෙන් නාගරික සහ අර්ධ නාගරික සමාජය මෙවැනි ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. පිරිසැකසුම් ආහාර යනු මොනවාද? භාවිතයට පහසුවන අයුරින් හෝ කල්තබාගැනීමට හැකි අයුරින් සකස් කරන ලද ආහාර පිරිසැකසුම් ආහාර ලෙස හැඳින්වේ. බොහොමයක් පිරිසැකසුම් ආහාර භාවිතා කිරීමට පෙර රත්කිරීම හෝ වෙනත් ආහාරමය ද්‍රව්‍ය එකතුකර සකස් කරගැනීම කල යුතුවේ. පරිභෝජනයට පහසුවීම වැනි වාසි තිබෙන මුත්, බොහොමයක් පිරිසැකසුම් ආහාර පෝෂණ ගුණයෙන් හීනය. එමෙන්ම, එවැනි ආහාර කල්තබාගැනීම…