දිගු චාරිකාවකදී කොන්දේ වේදනාව වළක්වාගන්නේ කොහොමද?
බොහෝ විට, අප දිගු චාරිකාවකදී බළාපොරොත්තු වන්නේ නිදහසේ සිටීම සහ විනෝද වීම වුවද, එහිදී ශරීරය මත ඇතිවන ආතතිය හේතුවෙන් කොන්දේ සහ ගෙලේ වේදනාව ඇතිවීම සිදුවිය හැක. මෙසේ සිදුවන්නේ, වාඩිවී සිටීමට අපහසු ආසනයක බොහෝ වේලාවක් ඉඳගෙන සිටීම සහ ශරීරයේ වැරදි ඉරියවු නිසාය. වාසනාවකට මෙන්, දිගු චාරිකාවකදී ඇතිවිය හැකි කොන්දේ වේදනාව හොඳින් සමනය කරගැනීමට මෙන්ම, බොහෝ විට වළක්වා ගැනීමට, පහසු පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් හැකියාව ඇත. සූදානම් වන්න. ගුවන් ගමනකදී මෙන්ම, දුම්රිය ගමනකදීද, අන්තර්ජාලය ඔස්සේ ටිකට් වෙන්කරවා ගැනීම මගින්, දිගු වේලාවක් පෝලිම්වල සිටගෙන සිටීමෙන් වැළකිය හැක. ගුවන් ගමනකදී, සාමාන්‍ය පරිදි පරීක්ෂා කොට ගුවන් යානයට ඇතුළුවීම (Check-in) වෙනුවට, අන්තර්ජාලය ඔස්සේ, ගුවන් තොටුපොලේ…