දරුවාගේ හිසරදය ඔබටත් හිසරදයක්ද?
සාමාන්‍යයෙන්, හිසරදයක් පවතින්නේ කෙටිකාලයක් වන අතර, එය ඇතිවීමට හේතු ගණනාවක් පැවතිය හැක. ඒ අතර, නිදිවැරීම, ඇස් විඩාවට පත්වීම, මානසික ආතතිය, කෝටර දාහය, හිසට පහරක් වැදීම වැනි හේතූන් පවතී. ඇතැම් විට, හිසරදය වෙනත් රෝග ලක්ෂණ සමග වැඩි වේලාවක් පවතින අවස්ථාද ඇත. ඉතාමත් කලාතුරකින්, හිසරදය යනු, වෙනත් බරපතළ රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් වියහැක. රෝග ලක්ෂණ කුඩා දරුවන්ට සහ නවයොවුන් වියේ දරුවන්ට වැළඳෙන හිසරදයේ බහුළතම ආකාර දෙක ලෙස ආතති හිසරදය (Tension headache) සහ ඉරුවාරදය (Migraine) හැඳින්විය හැක. ආතති හිසරදයේ රෝග ලක්ෂණ හිසේ ඉදිරිපස, දෙපස, සහ පිටුපස හිසේ මිරිකීමක් හෝ පීඩනයක් මෙන් වේදනාවක් හටගැනීම එකම ආකාරයට දිගටම පවතින හිසරදය ක්‍රියාකාරී වීමෙන් හිසරදය උත්සන්න…