කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්
ශ්‍රී ලංකාවේ වැවෙන කුරුඳු Cinnamomum zealanicum නැමැති ශාඛ විශේෂයට අයත් වන අතර, ඒවා ශ්‍රී ලංකාවට ආවේණික වේ. ඉතා ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ කුරුඳු, ස්වාභාවික රසකාරකයක් ලෙස ලොව පුරා ජනප්‍රිය විය. එය, ලෝකයේ අනෙකුත් රටවල පවතින කුරුඳු විශේෂයක් වන Cinnamomum cassia වලට වඩා වැඩි රසයකින් සහ සුවඳකින් යුතු වීම විශේෂ ලක්ෂණයකි. එමෙන්ම, කුරුඳු ඖෂධීය රසකාරකයක් ලෙස අතීතයේ සිටම භාවිතා කළ අතර, පුරාණ ඊජිප්තුවේ ද කුරුඳු භාවිතා කළ බවට සාධක හමුවී ඇත. එමනිසා, කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ. කුරුඳු වලින් රුධිරගත සීනි මට්ටම යාමනය වේ. කුරුඳු භාවිතයෙන් රුධිරගත සීනි මට්ටම පමණක් නොව, රුධිරගත කොලෙස්ටරෝල් (Cholesterol) හා…
තව කියවන්න >>