එළවලු සමග සුවැති දිවියක්…
එළවලු නොමැතිව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන සිතන්න අපහසුයි. ඒ තරමටම, එළවලු සුවැති දිවියකට සම්බන්ධයි. ඔබ දිනපතා එළවලු සැලකිය යුතු ප්‍රමාණයක් ආහාරයට ගන්නවා නම්, එය ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු වෙන්නට මනා පිටුවහලක් වෙනවා. එළවලු මේ තරම් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ ඇයි? මක්නිසාද, එළවලු වල පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් බහුලව තිබෙනවා. දිනපතා එළවලු කෝප්ප හෝ කොටස් 5 ත් 7 ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් සුවැති දිවියකට හොඳ අඩිතාලමක් දමන්න පුලුවන්. එළවලු සමග සුවැති දිවියක් ලැබෙන්නේ ඇයි? එළවලු වල දියවන සහ දිය නොවන තන්තු (Soluble & insoluble fibres) බහුලව තිබෙනවා. දියවන තන්තු හෝ කෙඳි (Soluble fibres) ආහාර ජීර්ණ පද්ධතිය තුළදී, ජෙලි වැනි ද්‍රව්‍යයක් බවට පත්වෙනවා….