දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?
කුඩා දරුවන් දඟකාරී බැවින්, හිස වද්දාගැනීම නිතර සිදුවන දෙයක් බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත. ඇතැම්විට, ඔවුන් අඬාගෙන විත්, තමාගේ හිස වැදුනු බවත්, ඉන් පසුව හිස රිදෙන බවත් පැමිණිලි කරනු දැකිය හැක. කුඩා අවධියේදී මෙසේ දරුවාගේ හිසට සිදුවන අනතුරු බොහොමයක් සුළු ඒවා වන අතර, ඒවායේ බලපෑම ඇතිවන්නේ හිසේ බාහිර ප්‍රදේශයට පමණි. නමුත්, ඉතා කලාතුරකින්, හිසට සිදුවන දැඩි අනතුරක් හේතුවෙන්, මොළයේ කුඩා රුධිර වහනයක් හෝ බරපතළ ලේ ගැලීමක් සිදුවිය හැක. හිසට සිදුවන එවැනි අනතුරක්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ අවධානයට ලක්වීම සහ ඒ සඳහා නිසි ප්‍රතිකර්ම කිරීම වැදගත් වේ. බොහෝ දෙමව්පියන් තම දරුවාගේ හිස යමක ගැටුණ විට, කලබලයට පත්වේ. හිසට සිදුවන අනතුරකදී ඔබේ…