අප ස්වාභාවික ආහාර ගතයුත්තේ ඇයි?
අවම මට්ටමකට පිරිසැකසුම් කරන ලද, කල් තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය සහ කෘතිම රසකාරක එක් නොකරන ලද ආහාර, ස්වාභාවික ආහාර ලෙස හැඳින්විය හැක. එබැවින් ස්වාභාවික ආහාර, පිරිසැකසුම් කරන ලද ආහාර (Processed foods) වලට වඩා බෙහෙවින් සෞඛ්‍ය සම්පන්න බව කිවහැක. ස්වාභාවික ආහාර පිරිසැකසුම් කරන්නේ අවම මට්ටමකටය. එහිදී, කෘතිම රසායන ද්‍රව්‍ය කිසිවක් එක් නොකර පොතු ගැසීම, කෙටීම, ඇඹරීම, තැම්බීම, පිසීම, බැදීම, උඳුනේ පිළිස්සීම, වියළීම, පදම් කිරීම, ශීත කිරීම, අධිශීතකරණය වැනි ක්‍රියාදාම වලට පමණක් ලක් කරයි. එබැවින්, ආහාර වල ඇති ස්වාභාවික ගුණය මුළුමනින්ම පාහේ ආරක්ෂා වේ. කෙසේ වුවත්, ඔබේ පෝෂණය සහ සෞඛ්‍යය ගැන සිතා ආහාර අමුවෙන් ගැනීම එතරම් හොඳ දෙයක් නොවේ. මක්නිසාද, ඇතැම් අමු ආහාර…