ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?
ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු සියල්ලක්ම ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට (Safety standards) අනුකූල වියයුතු බව ඔබ දන්නවාද? එසේ නොවුනහොත්, ඔබේ ආදරණීය දරුවාගේ විනෝදය පිණිස ලබාදෙන සෙල්ලම් බඩුවක් දරුවාට මාරාන්තික අනතුරක් සිදුකිරීමට ඉඩ ඇත. ශ්‍රී ලාංකීය වෙළඳපොලෙහි ඇති බොහොමයක් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට අනුකූල නොවේ. එමනිසා, ඔබේ ආදරණීය දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු වල ප්‍රමිතිය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම දෙමව්පියන් වශයෙන් ඔබ සහ අනෙකුත් වැඩිහිටියන් සතු වගකීමක් බව සිතට ගන්න. සෙල්ලම් බඩු පිළිබඳ පහත සඳහන් ඉඟි ඔබේ දරුවාට ආරක්ෂිත සෙල්ලම් බඩු තෝරාගැනීමේදී වැදගත් වියහැක. එමෙන්ම, ආරක්ෂිත සෙල්ලම් බඩුවක් දරුවාට ලබාදුන් පසුවද, එහි කැඩීගිය හෝ බුරුල් වූ කොටස් ඇතිදැයි…