වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.
ඔසප්වීමට වහාම පෙර සහ ඔසප්වීම සිදුවන අතරතුර යටිබඩෙහි වේදනාවක් හටගැනීම වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) නම් වේ. මෙය බොහොමයක් කාන්තාවන් අත්දකින තත්ත්වයක් ලෙස හැඳින්විය හැක. ඇතැම් කාන්තාවන්ට මෙය සුළු පීඩාවක් පමණක් වුවද, ඇතැම් අයට සෑම මසකටම දින කිහිපයක් එදිනෙදා කාර්යයන් කිරීමට පවා අපහසු කරන තත්ත්වයක් විය හැක. ඇතැම් විට වේදනාකාරී ඔසප්වීම, එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) නම්වූ ගර්භාෂය ආශ්‍රිත තත්ත්වයක් හෝ තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroid) නම්වූ ගර්භාෂයේ ඇතිවන ගෙඩි විශේෂයක් වැනි හඳුනාගත හැකි හේතූන් නිසා ඇතිවිය හැක. හඳුනාගත හැකි අභ්‍යන්තර හේතූන් නිසා ඇතිවන වේදනාකාරී ඔසප්වීම, ද්විතීයික වේදනාකාරී ඔසප්වීම (Secondary dysmenorrhoea) ලෙස හැඳින්වේ. එවැනි හඳුනාගත හැකි තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර කිරීම මගින් වේදනාකාරී ඔසප්වීමට නැවතීමේ තිත තැබිය…