ටාබටා පුහුණුව (Tabata Training) යනු කුමක්ද?
ටාබටා පුහුණුව යනු එක්තරා ආකාරයක අධි-තීව්‍ර විරාම පුහුණුව (High-intensity interval training or HIIT) කි. එය, හඳුන්වාදෙන ලද්දේ ඉෂුමි ටාබටා (Izumi Tabata) විසින් 1990 දශකයේ දීය. මෙම පුහුණුවේදී, තත්පර 10 ක විවේක කාලයකින් එකිනෙක වෙන්වූ, එක් ව්‍යායාමයක කාලය තත්පර 30 ක් වූ අධි-තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (High-intensity exercises) කට්ටල 8 ක් සිදුකරනු ලැබේ. එවිට, අධි-තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම වල සමස්ථ කාලය විනාඩි 4 කි. කෙටි කාලයකදී සිදුකල හැකිවීම සහ ඵලදායීතාවය වැඩිවීම නිසා මෙම ව්‍යායාම වැඩසටහන ජනප්‍රිය වී ඇත. 1996 වසරේදී, ඉෂුමි ටාබටා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායම විසින්, වෛද්‍ය විද්‍යාව සහ ක්‍රීඩා හා ව්‍යායාම විද්‍යාව පිළිබඳ සඟරාවේ (The Journal of Medicine and Science in Sports…