ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි
සමාජයේ වෙසෙන බොහොමයක් අය, තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ වැවීමට පුරුදුව සිටිනවා. ගෙවත්තේ වැවීමට භාවිතා කරන ශාඛ අතර එළවළු, පළතුරු, මල් වර්ග, සහ වෙනත් විසිතුරු පැළෑටි දැකිය හැකියි. නමුත්, ඒ සඳහා කිසිඳු උනන්දුවක් නොදක්වන පිරිසකුත් අප අතර සිටිනවා. අප මේ ලිපියෙන් පැහැදිලි කරන්නට සූදානම් වෙන්නේ, ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි පිළිබඳවයි. පාරිසරික වාසි ඔබේ ගෙවත්තේම, ඔබට හැකි අයුරින් එළවළු සහ පළතුරු භෝග කිහිපයක් වවන විට, නිෂ්පාදනයට සාපේක්ෂව වැයවන ශක්ති ප්‍රමාණය බොහෝවිට අඩුවේ. එමෙන්ම, අසුරා තැබීමට, ගබඩා කිරීමට, හෝ ප්‍රවාහනය කිරීමට විශාල ඉඩක් වැය නොවන අතර, ඒ සඳහා අමුද්‍රව්‍ය වැයවීමත් ඉතාම අඩුය. ඔබම වවන විට, පරිසරයට හානිකර…