ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?
කුඩා දරුවන් අවට පරිසරයේ ඇති බොහෝ දේ ඇල්ලීමට පෙළඹෙන අතර, එමගින් විෂබීජ මිලියන ගණනක් ඔවුන්ගේ අත්වල තැවරීම සිදුවේ. එයට අමතරව, පරිසරයේ ඇති පණු බිත්තර ආදියද අත්වල තැවරීම සිදුවේ. එමනිසා, කුඩා දරුවන්ට වැළඳෙන රෝග ගණනාවකටම මෙලෙස දෑත්වල තැවරෙන විෂබීජ සහ පණු බිත්තර හේතුවේ. කෙසේ වුවත්, ආහාර ගැනීමට පෙර, වැසිකිලි හෝ කැසිකිලි භාවිතයෙන් පසු, සහ සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීමෙන්, රෝග ගණනාවක්ම වැළඳීම වළක්වාගත හැක. කුඩා දරුවන් බොහෝවිට දෑත් සේදීමට මැළිකමක් දැක්වීම ස්වභාවික දෙයකි. නමුත්, දෑත් සේදීම නිතරම මතක් කරමින් ඒ සඳහා පෙළඹවීම වුවද ඉතා වටිනා දෙයකි. මක්නිසාද, එයින් ලැබෙන සෞඛ්‍ය වාසි බොහොමයක් ඇත. දෑත් සේදීම යනු, වැදගත්ම සෞඛ්‍ය පුරුද්දක්…