ඔබේ දරුවාගේ කන් කලාඳුරු ගැටළුවක් වී ඇතිද?
බොහෝ නිවෙස් වල කොට්න් බඩ් (Cotton buds) දක්නට ලැබේ. බොහෝවිට, මේවා උපයෝගී කරගන්නේ කන් කලාඳුරු ඉවත්කිරීම සඳහායි. මෙය ඔබ නිතර භාවිතා කරන දෙයක් වුවත්, එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නම් නොවෙයි. ඒ, ඔබේ දරුවාගේ කන් කලාඳුරු ඉවත්කිරීමට කොට්න් බඩ් යොදාගැනීම, අනතුරුදායක දෙයක් බැවිනි. එබැවින්, කන් කලාඳුරු පිළිබඳව සහ ඒවාට කුමක් කල යුතුද යන්න මදක් විමසා බලමු. සාමාන්‍යයෙන්, කන තුළ කන් කලාඳුරු සෑදෙන්නේ, කනට අවශ්‍ය ප්‍රමාණයටය. නමුත්, ඇතැම් අයගේ වැඩිපුර කන් කලාඳුරු සෑදෙන අවස්ථාද දක්නට ලැබේ. කුඩා දරුවන්ගේද, ඉතා කලාතුරකින් කන් කලාඳුරු වැඩියෙන් සෑදෙන අවස්ථා දැකිය හැක. ඒවා දරුවාගේ ඇසීමට බාධාවක් වන්නේ නම්, හෝ දරුවාට කනේ වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිකරන්නේ නම්, වෛද්‍යවරයෙකු…