ඔබේ දරුවා ක්‍රියාශීලී විය යුත්තේ ඇයි?

වර්තමාන සමාජයේ, බොහොමයක් දරුවන් ක්‍රියාශීලී නොවන අතර, දෙමව්පියන් ද ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදක්වයි. මක්නිසාද, පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, සහ උසස් පෙළ වැනි විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන සහ ජීවන රටාව, දරුවන් ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඈත් කිරීමට සමත්ව ඇත. බොහෝ දෙමව්පියන් ද, තම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ යැයි සිතා, දරුවා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් වළක්වති. මෙම ක්‍රියාවලිය, දරුවා නිරෝගී උගතෙකු කරනු වෙනුවට, දරුවා අනාගතයේදී රෝගී පුද්ගලයෙකු වීමට ඇති අවදානම වැඩිකරමින් පවතින බව පෙනේ. ඔබේ දරුවා ක්‍රියාශීලී විය යුත්තේ ඇයි? ඔබේ දරුවා ක්‍රියාශීලී නොමැති නම්, ඔහුට හෝ ඇයට අනාගතයේදී ස්ථුලභාවය, දියවැඩියාව, හෘදයාබාධය, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික ලෙස කොලෙස්ටරෝල් පැවතීම,…


ව්‍යායාම නොකරන විවේක දිනයක් අවශ්‍ය බවට සලකුණු 5ක්

ව්‍යායාම නොකරන විවේක දිනයක් අවශ්‍ය බව හඟවන සලකුණු මොනවාද? නිතිපතා ව්‍යායාම කරන ඔබට ඇතැම්විට මාංශ පේශි වල වේදනාවක් ඇතිවිය හැකියි. එවිට, ඔබේ වේදනාකාරී මාංශ පේශි වෙනදා මෙන් හරියට ක්‍රියා නොකරන බවත් ඔබට වැටහේවි. මෙම අත්දැකීම ඔබට පවසන්නේ, ඔබ ප්‍රමාණය ඉක්මවා ව්‍යායාම (Over-training) කිරීමෙන් මාංශ පේශි වලට පමණට වඩා හානි සිදුවී ඇති බවයි. ප්‍රමාණය ඉක්මවා ව්‍යායාම කිරීමෙන් ශරීරයට වන හානි වළක්වා ගැනීම සඳහා, ව්‍යායාම කරන විට ඔබේ ශරීරයට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳව තරමක දැනුමක් තිබීම අවශ්‍ය වේ. ව්‍යායාම හෝ වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් කිරීමේදී, ඔබේ මාංශ පේශි වලට සුළු ප්‍රමාණයක් හානි වන අතර, එය සාමාන්‍ය සිදුවීමක් වේ. මක්නිසාද, එම හානි ශරීරය විසින් අලුත්වැඩියා…


ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.

ඩෙංගු (Dengue) යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. ඩෙංගු රෝගය පැතිර යන්නේ ඊඩිස් (Aedes) වර්ගයේ මදුරුවන් මගිනි. ශ්‍රී ලංකාව තුළ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරුවන් විශේෂ දෙක මගින් ඩෙංගු රෝගය පැතිරේ. ඩෙංගු රෝගී පුද්ගලයෙකුට දෂ්ට කල මදුරුවෙකු විසින් නිරෝගී පුද්ගලයෙක් දෂ්ට කරනු ලැබුවහොත්, එම නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය වැළඳීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික වියහැකි බැවින්, එය වැළැක්වීමට දායක වීම ශ්‍රී ලංකා වාසී අප සැමගේ යුතුකමක් මෙන්ම, වගකීමක් වේ. අපි සැවොම ඒ සඳහා පෙළගැසිය යුතුය. 2016 වසරේ මේ දක්වා (2016 ජූලි මස 05 වනදා තෙක්) ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 21,881 ක් වාර්තා වී ඇත. එයින්…


ස්ථුලභාවය හෙවත් තරබාරුකම යනු කුමක්ද?

ශරීරයේ අමතරව මේදය තැන්පත් වීමෙන් ස්ථුලභාවය හෙවත් තරබාරුකම (Obesity) ඇතිවේ. පුද්ගලයෙකු දෙස බැලීමෙන් පවා එය පහසුවෙන් හඳුනාගත හැක. දියුණු වෙමින් පවතින රටවලට සාපේක්ෂව දියුණු රටවල ස්ථුලභාවය බහුලව දක්නට ලැබේ. කෙසේ වුවත්, ස්ථුලභාවය ලෝකය පුරාව ගැටළුවක් වෙමින් පවතින බව පෙනේ. මක්නිසාද, ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල ද තරබාරු වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතී. බොහොමයක් පුද්ගලයන් වයස්ගත වීමේදී ක්‍රමයෙන් ශරීරය තුළ මේදය තැන්පත් වීම දක්නට ලැබේ. සරළව පැහැදිලි කලහොත්, ස්ථුලභාවය ඇතිවන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීමෙනි. ඕනෑම පුද්ගලයෙකුගේ උස, බර, වයස, සහ ශාරීරික ක්‍රියාකාරීත්වය අනුව, එදිනෙදා කටයුතු කරගෙන යාමට ශක්තිය ලබාගැනීම සඳහා දිනකට අවශ්‍ය වන නියමිත කැලරි ප්‍රමාණයක්…


ප්‍රතිරෝධ පුහුණුව (Resistance training) මගින් ලැබෙන වාසි 20 ක්

ප්‍රතිරෝධ පුහුණුව (Resistance training) මගින් ලැබෙන වාසි පිළිබඳව කථා කිරීමට පෙර, ප්‍රතිරෝධ පුහුණුව යනු කුමක්දැයි විමසා බලමු. බාහිර ප්‍රතිරෝධයකට එරෙහිව තම මාංශ පේශි සංකෝචනය කරමින් හෙවත් හකුලමින් කරන ඕනෑම ව්‍යායාමයක් ප්‍රතිරෝධ පුහුණුවක් ලෙස හැඳින්විය හැක. මෙම ව්‍යායාම වල අරමුණ මාංශ පේශි වල ශක්තිය (Strength), තානය (Tone), ප්‍රමාණය (Mass), සහ දරාගැනීමේ හැකියාව (Endurance) වර්ධනය කිරීමයි. ප්‍රතිරෝධ පුහුණුව සඳහා මාංශ පේශි චලනයට ප්‍රතිරෝධයක් ඇතිකිරීමට බර එසවීමේ උපකරණ, වෙනත් ව්‍යායාම උපකරණ, ඇදෙනසුලු ප්‍රතිරෝධ පටි (Resistance band), මෙන්ම තම ශරීරයේ බර ද යොදාගන්න පුලුවනි. ප්‍රතිරෝධ පුහුණුව මගින්, ඔබගේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට වාසි බොහොමයක් ලැබෙන අතර, එම වාසි අයත් කරගැනීමට එක් වාරයකට විනාඩි 15-20 ක්…


ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන

පළතුරු සහ එළවළු වල ෆ්ලේවොනොයිඩ (Flavonoids) නම් වූ රසායනික සංඝටක බහුලව ඇත. ඒවා එළවළු සහ පළතුරු වල විවිධ වර්ණ ඇතිකිරීමට හේතුවේ. එපමණක් නොව, ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ


පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!

පිළිකා වලින් 1/3 ක් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකර ගැනීමෙන් වළක්වා ගතහැකි බව ඔබ දන්නවාද? යහපත් ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න ආහාර, නිතිපතා ව්‍යායාම කිරීම, මත්පැන් පානයෙන් වැළකීම, දුම්කොළ භාවිතයෙන් වැළකීම, සහ දුම්පානය නොකිරීම වැනි දේ මගින් ඇතැම් පිළිකා වලින් වැළකීමට හැකියාව ලැබේ. එසේ නම්, වළක්වා ගැනීමට හැකියාව ඇති පිළිකා ඇතිවීම වළක්වා ගනිමු. පිළිකා ඇතිවීමට හේතුවන අවදානම් සාධක දුම්කොළ භාවිතය සහ දුම්පානය මත්පැන් පානය සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම නොකිරීම මානසික ආතතිය පරිසර දූෂණය දුම්කොළ භාවිතය සහ දුම්පානය දුම්කොළ භාවිතය සහ දුම්පානය නිසා හෘදයාබාධ, අංශභාගය, දිගුකාලීන ශ්වසන රෝග, මෙන්ම පිළිකා ද ඇතිවේ. දුම්පානය මගින් මුඛ කුහරයේ සහ…


අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?

සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ යම් දිනක අංශභාගය හෙවත් ආඝාතය (Stroke) වැළඳීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා තෙවනුවට වගකිවයුත්තා වන්නේ අංශභාගයයි. අංශභාගය ඇතිවීමේදී, මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම හෝ පුපුරා යාම සිදුවේ. එවිට, එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන මොළයේ කොටස, ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා මිය යයි. එමනිසා, එලෙස මොළයේ අක්‍රීය වූ කොටස මගින් පාලනය වන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වේ. මෙම ක්‍රියාවලිය අංශභාගය හෙවත් ආඝාතය ලෙස හැඳින්වේ. අංශභාගයේ රෝග ලක්ෂණ අංශභාගය නිසා පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කරකැවිල්ල. කථාව පැටලිලි සහිත වීම, ගොත ගැසීම, හෝ කථා…


ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?

කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වේ. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව (Cervical cancer) හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් දෙවැනි ස්ථානයට බහුළ පිළිකා වර්ගය මෙය වේ. වාසනාවකට මෙන්, මෙම තත්ත්වය පූර්ව පිළිකා අවධියේදී හඳුනාගතහොත්, සම්පූර්ණයෙන්ම සුවකිරීමට පුලුවන. බොහෝවිට, ගැබ්ගෙල ආශ්‍රිතව හටගන්නා මානව පැපිලෝමා වෛරස් (Human papillomavirus or HPV) ආසාදනය දිගුකලක් පැවතීම නිසා ගැබ්ගෙල පිළිකාව ඇතිවිය හැක. ගැබ්ගෙල පිළිකාව හටගැනීමට පෙර පූර්ව පිළිකා අවධියක් පවතී. මෙම පූර්ව පිළිකා අවධිය හඳුනාගැනීම සඳහා පැහැදිලි රෝග ලක්ෂණ නොමැත. ගැබ්ගෙල පිළිකාවක මූලික රෝග ලක්ෂණ ලිංගික සංසර්ගයට පසුව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම. යෝනි මාර්ගයෙන් අක්‍රමවත්…


ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු එක්තරා ආකාරයක අවදානම් සංඥාවකි. දරුවාගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස්, දියවැඩියාව වැළඳී ඇතැයි රෝග නිශ්චය කිරීමට අවශ්‍ය අවම මට්ටමට වඩා අඩු අගයක පැවතීම පූර්ව-දියවැඩියාව ලෙස හැඳින්වේ. ඇතැම් වෛද්‍ය විශේෂඥයින් මෙය එක් රෝග තත්ත්වයක් ලෙස ද හඳුන්වයි. ඔබේ දරුවාටත් පූර්ව-දියවැඩියාව ඇත්නම්, අනාගතයේදී ඔහුට හෝ ඇයට දියවැඩියාව සහ හදවත් රෝග වැළඳීමට වැඩි අවදානමක් ඇත. පූර්ව-දියවැඩියාව ඇති වැඩිහිටියෙකුට නම්, වසර 10 කදී හෝ එයට අඩු කාලයකදී දියවැඩියාව වැළඳීමට ලොකු අවදානමක් පවතී. එනම්, පූර්ව-දියවැඩියාව ඇති වැඩිහිටියෙකුට දියවැඩියාව වැළඳීමට ඇති සම්භාවිතාවය 5-10% ක් වේ. නමුත්, නවයොවුන් දරුවන්ට සහ කුඩා දරුවන්ට පූර්ව-දියවැඩියාව ඇතිවිට, එය යථා තත්ත්වයට පත්කරගැනීමට ඇති හැකියාව වැඩිහිටියෙකුට…


සුවැති දරු උපතක් සඳහා ගර්භණී සමයේ ව්‍යායාම කරමු.

ගර්භණී සමයේ ව්‍යායාම කිරීමට බොහෝ මව්වරුන් බියක් දක්වනවා. එයට හේතුව ව්‍යායාම කිරීම හෝ වෙහෙසවීම කුස තුළ වැඩෙන දරුවාට හානිකර යැයි සිතීමයි. නමුත්, මනා ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගන්නා ගර්භණී මවකට දරු උපත සිදුකිරීමට ගතවන කාලය, නිතර ව්‍යායාම නොකරන ගර්භණී මවකට ඒ සඳහා ගතවන කාලයට සාපේක්ෂව කෙටි බව සොයාගෙන ඇත. නිතිපතා ව්‍යායාම කරන ලද ගර්භණී මවකට දරු ප්‍රසූතියේදී ශාරීරික වෙහෙස ඇතිවීම ද අඩුවන අතර, සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවය ද සැලකිය යුතු ලෙස අඩුවේ. ගර්භණී සමයේදී, නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීම මගින්, මවගේ ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු වන අතර, ශරීරයේ අවයව පද්ධති ද නිරෝගී වේ. නිතිපතා ව්‍යායාම කිරීමෙන් ගර්භණී සමයේදී ඇතිවන අපහසුතා අවම වන බැවින්,…


සුවදිවි මධ්‍යස්ථාන වෙත ඔබ පියනැගිය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ බෝනොවන රෝගයි. ඒ වගේම, අපගේ ජීවිත වල ගුණාත්මකභාවය (Quality of life) සැලකිය යුතු ලෙස පහත දමන්නටත් මෙම බෝ නොවන රෝග වලට හැකියාව තිබෙනවා. බෝනොවන රෝග යනු මොනවාද? බෝනොවන රෝග යනු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම හෙවත් බෝවීම සිදුනොවන රෝගයි. උදාහරණ කිහිපයක් ලෙස හෘදයාබාධය, දියවැඩියාව, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, පිළිකා, වකුගඩු රෝග, ඇදුම වැනි රෝග දැක්විය හැකියි. ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ හෘදයාබාධ බව ඔබ දන්නවාද? සුවදිවි මධ්‍යස්ථාන (Healthy Lifestyle Center/HLC) හරහා මෙවැනි බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීම සඳහා ඔබට සහය…


සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු

එළවළු සහ පළතුරු යනු සෞඛ්‍ය සම්පන්න දිවියකට අවශ්‍ය වැදගත්ම සාධක දෙකකි. දිනපතා නිසි ප්‍රමාණ වලින් එළවළු සහ පළතුරු ආහාරයට එක්කර ගැනීමෙන් බොහොමයක් ලෙඩ රෝග වළක්වා ගැනීමට හැකිවනවා මෙන්ම, සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ද හිමිවේ. එමනිසා, පළතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම යනු අනාගත ආයෝජනයකි. සෞඛ්‍ය සම්පන්න දිවියක් උදෙසා, පළතුරු සහ එළවළු දිනකට කොපමණ ප්‍රමාණයක් ගත යුතුද? වැඩිහිටි අයෙක් දිනකට නිර්දේශිත ප්‍රමාණවලින් (Serving) එළවළු සහ පළා වර්ග 3 ක් වත් සහ පළතුරු වර්ග 2 ක් වත් ආහාරයට ගත යුතුවේ. නිර්දේශිත ප්‍රමාණයක් යනු පහත සඳහන් ප්‍රමාණ වලින් එකක් හෝ එයට ආසන්න වශයෙන් සමාන වෙනත් පළතුරු හෝ එළවළු ප්‍රමාණයකි. පිසූ එළවළු මේස හැඳි…