කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු.
කහ යනු ශ්‍රී ලාංකීය ගෘහණියන්ට ආහාර පිසීමේදී නැතිවම බැරි සංඝටකයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. අප ආහාර පිසගැනීමේදී කහ භාවිතා කරන්නේ ස්වාභාවික වර්ණ කාරකයක්, රස කාරකයක්, සහ සුවඳ කාරකයක් ලෙසය. කෙසේ වෙතත්, මෙම ලිපියෙන් බළාපොරොත්තු වන්නේ ආහාර පිසීමේදී කහ භාවිතා කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට නොව, කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් පිළිබඳව හෙළි කිරීමටය. කහ වල ප්‍රබල ඖෂධීය ගුණ සහිත ජෛව-සක්‍රීය සංඝටක (Bio-active compounds) අඩංගු වේ. කහ වල කර්කියුමිනොයිඩ් (Curcuminoid) කාණ්ඩයට අයත් ඖෂධීය රසායනික සංඝටක අඩංගු වන අතර, එයින් කර්කියුමින් (Curcumin) යනු ප්‍රධානතම සංඝටකයයි. කහ අලයක බරෙන් 3% ක් පමණ ප්‍රමාණයක් කර්කියුමින් අඩංගු වන අතර, එය ප්‍රබල ප්‍රති-ප්‍රදාහ (Anti-inflammatory) ගුණාංග…