නියපොතු ලස්සන කරගන්නේ කෙසේද?
නියපොතු ලස්සන කරගන්න කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවා. සමහර පිරිමි අයත් නියපොතු ලස්සනට තබාගන්න අකමැති නැහැ. නියපොතු හොඳින් තබාගැනීම සඳහා ඒවා සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. නියපොතු වලට වැරදි ආකාරයට, වැඩියෙන් සාත්තු කරන්න ගිහින් තමයි බොහොමයක් අය නියපොතු අවලස්සන කරගන්නේ. එසේනම්, නියපොතු වලට නිවරැදි ආකාරයට සාත්තු කර ඒවා ලස්සනට තබාගන්නේ කොහොමද? නියපොතු නිතර පිරිසිදුව වියලිව තබාගන්න. ඒවා නිතර අපිරිසිදුවීම හෝ තෙත්ව පැවතීම අවලස්සන වීමට හේතුවක් වෙනවා. එක දිගට බොහෝ වේලාවක් නියපොතු වතුරේ ගිල්වාගෙන වැඩ කරන්න එපා. ඔබේ අත් තෙත් වුවහොත් හැකි ඉක්මනින් අත් පිසදමා වේලාගන්න. ඔබේ අත්වල සම ගොඩක් වියළි නම්, සම වියලීම වලකන ආලේපනයක් (Hand moisturizer) භාවිතා කරන්න. බොහොමයක් අය නියපොතු…