ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?
ගර්භණීභාවය සෑම විවාහක කාන්තාවක්ම පාහේ ප්‍රාර්ථනා කරන දෙයක් වන අතර, ගර්භණී මවකට හොඳ නින්දක් ලැබීම ඉතාම වැදගත්. නමුත්, ගර්භණී කාලයේදී සැප පහසු ලෙස නිදාගැනීම බොහෝ කාන්තාවන්ට ගැටළුවක් වෙනවා. ගර්භණී කාන්තාවන් විසින් ශාරීරික අපහසුතා ඇතිවීම හේතුවෙන් ඇතැම් නිදාගැනීමේ ඉරියවු අතහැර දැමීම දක්නට ලැබෙන්නක්. ගර්භණී කාලයේදී ඔබගේ නින්දට බාධා කරන හේතු සහ තත්ත්ව ගණනාවක් ඇත. ඒවා මොනවාදැයි අපි විමසා බලමු. කොන්දේ වේදනාව ක්‍රමයෙන් විශාල වන උදරය බඩ පපුව දැවිල්ල නින්ද නොයාම හුස්ම ගැනීමේ අපහසුව එසේ නම්, හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද? ඇතැම් නිදා ගැනීමේ ඉරියවු ගර්භණී මවට හොඳින් නිදාගැනීමට අවස්ථාව සලසා දෙනවා. ගර්භණී කාලයේදී එක් පැත්තකට හෝ එක් ඇලයකට හැරී නිදාගැනීම වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි….