පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගන්න.
අපගේ ශරීරයේ මුළු බරෙන් තුනෙන් දෙකකටත් වඩා, එනම් 70% ක් පමණ පවතින්නේ ජලයයි. එමෙන්ම, සිරුර තුළ සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා නිසි පරිදි සිදුවීම සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ. ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත්තේ එබැවිනි. සැබැවින්ම, හොඳින් පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගැනීමට හැකිවේ. අප ජලය පානය කළ යුත්තේ ඇයි? උණුකර නිවාගත් ජලය පානය කරන්නේ නම් වඩාත් සුදුසුය. එමෙන්ම, දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය දවස පුරා සමානව බෙදී යන අයුරින් පානය කළ යුතුය. බොහෝ අය ජලය පානය කිරීම සඳහා පිපාසය දැනෙන තුරු සිටින මුත්, එසේ කිරීමට අවශ්‍ය නොවේ. මක්නිසාද, ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් බැවින්, සිරුරෙන් ඉවත්වන ජලය ප්‍රමාණය…