දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?
දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි විමසා බැලීමට පෙර, අපගේ ශරීරය ග්ලූකෝස් නැමැති සීනි වර්ගය හසුරුවන යාන්ත්‍රණය සරළව වටහාගැනීම වැදගත් වේ. එහිදී, මිනිස් සිරුර තුළ ග්ලූකෝස් වල කාර්යභාරය සහ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත යුතුය. එවිට, දියවැඩියාව වැළඳීමට හේතු හඳුනාගැනීම පහසු වේ. ඉන්සියුලින් හෝමෝනය ක්‍රියාකරන්නේ කොහොමද? ඔබේ ආමාශයට පිටුපසින්, එයට මදක් පහලට වන්නට අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) ලෙසින් හඳුන්වන ග්‍රන්ථියක් ඇත. ඉන්සියුලින් නිෂ්පාදනය කර රුධිරයට නිදහස් කරන්නේ මෙම අග්න්‍යාශය මගිනි. එසේ ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ ඇති ග්ලූකෝස්, ශරීරයේ ඇති සෛල වලට ඇතුළු කරවනු ලැබේ. එමනිසා, ඉන්සියුලින් වලට රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩුකිරීමට හැකියාව ඇත. රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම…