සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?
සිසේරියන් සැත්කම (Cesarean delivery or C-section) යනු ගර්භණී මවගේ උදර බිත්තියේ සහ ගර්භාෂයේ සිදුකරන කැපුමක් තුලින් දරුවෙකු බිහිකිරීමට සිදුකරන සැත්කමකි. ඇතැම් ගර්භණී මව්වරුන්ට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකිරීම නුසුදුසු වන අවස්ථා වලදී, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම සැත්කම නිර්දේශ කිරීම සිදුකරයි. බොහෝවිට එසේ කිරීමට හේතුව වන්නේ ගර්භණී අවධියේදී ඇතැම් සංකූලතා පැවතීම, සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකලහොත් සංකූලතා ඇතිවීමේ අවදානමක් පැවතීම, සහ පෙර දරු ප්‍රසූතියක් සිසේරියන් සැත්කමකින් සිදුකර තිබීම වැනි සාධකයි. ශ්‍රී ලංකාවේ සිදුකරන දරු උපත් අතරින් ආසන්න වශයෙන් 1/3 ක් පමණ සිසේරියන් සැත්කම මගින් සිදුකිරීමට අවශ්‍ය වේ. සාමාන්‍යයෙන්, සිසේරියන් ශල්‍යකර්මය සඳහා ගතවන්නේ පැයකටත් වඩා අඩු කාලයක් වන අතර, ශ්‍රී ලංකාවේ බොහොමයක්…