ව්‍යායාම කිරීමෙන් අනතුරුව වෙහෙසකර බව සන්සිඳුවා ගන්නේ කොහොමද?
ප්‍රමාණවත් ලෙස ව්‍යායාම කිරීමෙන් ලැබෙන එක් වාසියක් වන්නේ, දවස පුරා සක්‍රීයව වැඩ කටයුතු කිරීමට ශක්තිය ලැබීමයි. නමුත්, එසේ නොවන අවස්ථාද පැවතිය හැක. ව්‍යායාම කිරීමට පෙර තිබුනාටත් වඩා වෙහෙසකාරී බවක් ව්‍යායාම කිරීමෙන් අනතුරුව ඇතිවේ නම්, එයින් ගම්‍ය වන්නේ යම්කිසි ගැටළුවක් ඇති බවයි. එසේ වීමට හේතු කිහිපයක් පැවතිය හැක. එම හේතුව හඳුනා ගෙන එය නිවැරදි කරගැනීමෙන්, ව්‍යායාම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත. සෙමෙන් ආරම්භ කරන්න. එකවරම සියළු ව්‍යායාම කිරීමට හෝ වැඩි තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට උත්සාහ කිරීම එතරම් හොඳ දෙයක් නොවේ. ඔබ ව්‍යායාම කිරීමෙන් අනතුරුව ඇතිවන වෙහෙසකාරී බව ගැන සැලකිලිමත්…