දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
තම දරුවා කැපුම් තුවාළයක් සිදුකරගත් විට, බොහොමයක් දෙමව්පියන් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දෙයක්. නමුත්, බොහොමයක් කුඩා කැපුම් තුවාළ, දරුවාට හානියක් ඇති නොකරයි. කෙසේ වුවත්, විශාල කැපුමක් සිදුවුවහොත්, ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වේ. දරුවාගේ ශරීරයේ තුවාළය සිදුවූ ස්ථානය සහ එහි ස්වභාවය අනුව, ස්නායු, පේශි කණ්ඩරා, සහ රුධිර වාහිනී වලට හානි සිදුවීමට අවදානමක් පැවතිය හැක. කැපුම් තුවාළයක් සිදුවූ විට, කුමක් කලයුතුද? කුඩා කැපුමකින් හෝ සීරීමකින් සුළු රුධිර වහනයක් සිදුවන විට: තුවාළය ගලායන ජලයෙන් හොඳින් සෝදා දූවිළි හෝ වෙනත් අපද්‍රව්‍ය ඇත්නම් ඉවත්කරන්න. ඉන් පසුව, තුවාළය මෘදු සබන් වර්ගයක් යොදා, ජලයෙන් හොඳින් සෝදන්න. කුඩා තුවාළයකට, ආසාදන වැළැක්වීම සඳහා විෂබීජ නාශක…