අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?
අධික රුධිර පීඩනය (Hypertension) යනු බෝනොවන රෝග කාණ්ඩයට අයත් රෝග වලින් එකකි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 1.5% කට හේතුවන්නේ අධික රුධිර පීඩනයයි. විශේෂත්වය වන්නේ, මෙම රෝගය වැළඳුනු බොහොමයක් රෝගීන්ට, එනම් අධික රුධිර පීඩනය ඇති 80-90% කට පමණ කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවීමයි. එවැනි රෝගීන්ට, ජීවිතයට අනතුරක් වියහැකි මට්ටමකට රුධිර පීඩනය වැඩිවූ විට පවා කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවේ. අධික රුධිර පීඩනය වැළඳීම සඳහා හේතුවිය හැකි අවදානම් සාධක ගණනාවක් පවතී. මෙම රෝගය වැළඳීමට ඔබටත් අවදානමක් ඇතිදැයි මදක් විමසා බැලීම වැදගත් විය හැක. වයස අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම, වයස වැඩිවීමත් සමගම ක්‍රමයෙන් ඉහළ යයි. පිරිමි…