නව වසරේ ලුණු භාවිතය ටිකක් අඩු කරමුද?
මුලින්ම, ලැබුවා වූ අලුත් අවුරුද්ද සියළු ශ්‍රී ලාංකිකයන්ට සතුට, සාමය, සහ සෞභාග්‍යය සපිරි, නිරෝගීබව සුරැකෙන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ, ලුණු භාවිතය ටිකක් අඩුකිරීමෙන් සුවැති දිවියකට මංපෙත විවර කරගන්නේ කෙසේදැයි මදක් පැහැදිලි කිරීමටය. සැබැවින්ම, අපේ ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට ලුණු ස්වල්ප වශයෙන් අත්‍යාවශ්‍ය වේ. වැඩිහිටියෙකුට නම් මෙම ලුණු ප්‍රමාණය දිනකට තේ හැඳි 1 ක් හෙවත් ග්‍රෑම් 5 ක් වේ. එනම්, සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට ලුණු ග්‍රෑම් 500 ක පැකට් එකක් සෑහේ. නමුත්, ශ්‍රී ලාංකිකයන් අතරින් බොහොමයක් මෙම ප්‍රමාණය මෙන් 2-3 ගුණයක් ලුණු ආහාරයට ගන්නා බව ඔබ දන්නවාද? එසේනම්, නව වසරේ ඔබේ ලුණු භාවිතය ටිකක්…