දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?
කනේ වේදනාවන් ඇතිවීම දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය, කන් බෙරයට පිටුපසින් දියර එකතුවීම, මැදකනේ ආසාදනයක් ඇතිවීම, හෝ බාහිර ශ්‍රවණ නාලයේ ආසාදනයක් ඇතිවීම නිසා ඇතිවිය හැක. විශේෂයෙන්, වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවෙකුට ශ්වසන පද්ධතියේ ඉහළ කොටස්වල ආසාදනයක් ඇතිවූ පසු, කනේ ආසාදනයක් ඇතිවීමට වැඩි අවදානමක් ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, ඔබේ දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත්, කුමක් කලයුතුද යන්න පැහැදිලි කිරීමයි. රෝග ලක්ෂණ හඳුනාගැනීම කනේ ආසාදනයක් ඇතිවූ විට පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කනේ වේදනාව. මෙය විශේෂයෙන්, සපන විට, කිරි හෝ වෙනත් දියරයක් උරා බොන විට, හෝ හාන්සි වී සිටින විට ඇතිවිය හැක. කන් පෙත්තෙහි ඉදිමීමක් හෝ…