සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්
සෑම දෙනෙකුගේම අපේක්ෂාව වන්නේ සෞඛ්‍ය සම්පන්නව දිගුකලක් ජීවත් වීමයි. නමුත්, වර්තමාන සමාජයේ සැලකිය යුතු පිරිසකට සෞඛ්‍ය ගැටළු එකක් හෝ කිහිපයක් පවතී. ඒවායින් සමහරකට, ජීවිත කාලය කෙටි කිරීමට හැකියාව ඇති අතර, ඇතැම් ඒවා ජීවිතයේ ගුණාත්මකභාවයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කෙසේ වුවත්, ජීවන රටාවේ ඇතිකරගන්නා ඇතැම් වෙනස්කම් වලට ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට සහ ඔබේ දිවියේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත් හැකියාව ඇත. සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක් පිළිබඳව මදක් විමසා බලමු. ශාරීරික ක්‍රියාකාරකම් ශාරීරිකව ක්‍රියාකාරී වීමට අප මැළිකමක් දක්වනවා. සරළ ලෙස පවසනවා නම්, අප බොහෝ දෙනෙක් “ශරීර හොරු” ලෙස හැඳින්විය හැකියි. ශාරීරිකව ක්‍රියාකාරී නොවීම, වත්මන් සමාජයේ පවතින ඉතා බරපතල ගැටළු…