විටමින් A ඌණතාවයෙන් මිදී සුවපත් වෙමු.
විටමින් A යනු ශරීරයට අත්‍යාවශ්‍ය වන මේදයේ දියවන විටමින් වර්ගයකි. අප ලබාගන්නා ශාඛමය සහ සත්ත්වමය ආහාර ඔස්සේ විටමින් A ශරීරයට ලැබේ. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 6 ට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් (1/3) පමණ විටමින් A ඌණතාවයෙන් පෙළෙන බව සොයාගෙන ඇත. එයින් වැඩිම ප්‍රමාණයක් පෙර පාසල් ළමුන් වීම විශේෂ ලක්ෂණයකි. විටමින් A සිරුරට වැදගත් වන්නේ ඇයි? අපගේ ඇසේ පෙනීම සඳහා ඉතාම වැදගත් වන කොටසක් ලෙස දෘෂ්ටිවිතානය (Retina) හැඳින්විය හැක. එහි ඇති පෙනීම ලබාදීමට වැදගත් වන ස්නායු සෛල වල අඩංගු වර්ණක නිෂ්පාදනය සඳහා විටමින් A අත්‍යාවශ්‍ය සංඝටකයකි. එනම්, විටමින් A යනු පෙනීම ලබාදීම පිනිස ඉතා වැදගත් වන පෝෂ්‍ය…