සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න.
ශරීරයේ ක්‍රියාකාරීත්වයටත්, මානසික හා කායික වර්ධනයටත් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. අප ඒවා ලබාගන්නේ ආහාර මගිනි. අප කෑමට ගන්නා ඕනෑම ආහාරයක පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් විවිධ ප්‍රමාණ වලින් ඇතිමුත්, එක් ආහාරයක සියළු පෝෂ්‍ය පදාර්ථයක්ම අන්තර්ගත නොවේ. එමනිසා, අපගේ ශරීරයට අවශ්‍ය සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම ලබාගැනීම සඳහා දිනපතා විවිධ ආහාර ගත යුතුවේ. එනම්, ආහාර වල විවිධත්වයක් පවත්වා ගත යුතුය. මෙලෙස සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අවශ්‍ය ප්‍රමාණවලින් අඩංගු ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලෙස හැඳින්වේ. සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්නේ කෙසේද? ආහාරයේ විවිධත්වය ඇතිකර, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් සකසා ගැනීම සඳහා ආහාර කාණ්ඩ හයකට බෙදා ඇත. සෑම කාණ්ඩයකම ආහාර වර්ග අඩංගු…