බර අඩු කරගැනීමට වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න.
වැඩිපුර ප්‍රොටීන් ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයේ බර අඩු කරගන්න පුලුවන් බව ඔබ දන්නවාද? මෙම ප්‍රශ්නය ඇසූ විට සමහර අය විමතියට පත්වෙන්නත් පුලුවන්. මෙම ලිපිය මගින්, වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගැනීමෙන් බර අඩුවන්නේ ඇයිද යන්න විමසා බලන්නයි අපි සූදානම් වෙන්නේ. ඔබ ආහාර ගනිමින් සිටින අතරතුර, ආහාර ගෙන අවසන් වන්නටත් පෙර, ඔබේ කුස පිරී ඇති බව හඟවන්නට සංඥාවක් ඔබේ මොළයට යවන්න ආහාරයේ ඇති ප්‍රෝටීන් වලට පුලුවන්. ඒ සඳහා ඔබේ ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රේට් (පිෂ්ටය) සහ මේදයට වඩා හැකියාවක් ප්‍රෝටීන් වලට තිබේ. එමනිසා, දිනපතා ඔබ ගන්නා ආහාර ප්‍රමාණය සහ කැලරි ප්‍රමාණය සැලකිය යුතු ලෙස සීමා කරන්න ප්‍රෝටීන් වලට හැකියාව තිබෙනවා. ඔබේ ආහාරයේ ඇති ප්‍රෝටීන් කොටස…