දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධ විශ්වාස කිහිපයක්
ඔබේ දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධව සමාජයේ පවත්නා විශ්වාස පිළිබඳව මදක් විමසා බලමු. ඇතැම් විශ්වාස, විද්‍යාත්මක පදනමක් නැති, සාවද්‍ය ඒවා වන අතර, ඇතැම් ඒවායේ යම් සත්‍යයක් ගැබ් වී තිබෙනු දැකිය හැකියි. කැරට් ආහාරයට ගැනීමෙන් පෙනීම වැඩිවේ. කැරට් වල විටමින් A බහුල වන අතර, විටමින් A පෙනීම සඳහා අත්‍යාවශ්‍ය සංඝටකයකි. විටමින් A, කැරට් වල පමණක් නොව, කොළ , තද කහ, සහ තැඹිලි පැහැති එළවළු සහ පළතුරු වලද බහුලව පවතී. විටමින් A බහුල ආහාර වර්ග කතුරුමුරුංගා, නිවිති, තම්පලා, බීට් කොල, රාබු කොල, මුරුංගා කොල, කරපිංචා, ගහල කොල, වෙනත් තද කොළ පැහැති පළා සහ එළවළු වර්ග, කහ බතල, වට්ටක්කා, තක්කාලි, ගස්ලබු, ලාවුලු,…