සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට වටිනා ඉඟි කිහිපයක්
අප සැමදෙනාටම මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු, සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය බව කිවහොත් එය නිවැරදියි. නමුත්, ඒ සඳහා ඔබ කරන්නේ කුමක්ද? අප දන්නා පරිදි සුවැති දිවියක් ගතකරන අය දුම්පානය නොකරයි, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගනියි, ව්‍යායාම කරයි, එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර ගනියි. පෙනෙන ආකාරයට එය සරළ දෙයක් ලෙස සිතීමට පුලුවන. නමුත්, එසේ කිරීම සඳහා තම දිනචර්යාවේ වෙනස්කම් කිරීමට උත්සාහ කල අයෙකුට එය කියන තරම් පහසු නොවන බව වැටහෙනු ඇත. ඇතැම් අය එකවරම තම දිවියේ විශාල වෙනස්කම් කිරීමට උත්සාහ කර අපහසුතා වලට මුහුණ දෙයි. එවිට, උනන්දුව හීනවීම නිසාවෙන් උත්සාහය අත්හැරීම බහුලව සිදුවන දෙයකි. එසේ නම්, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට කලයුත්තේ කුමක්ද?…